ඔව් Tokyo වල Olympics එක්ක සෑහෙන්න කට්ටියක් Sports Anime ගැන අහන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා සුපිරිම Sports Anime 10ක් ගැන ගේන්න හිතුවා. මොකද Games අස්සෙ Anime Theme play වෙනවා Reporters ල ඇනිමේ characters වගේ ඇඳන් එනවා… මාර ආතල්
ඉතින් මම හිතුවා ඇත්තටම Sports Appreciate කරන එක්කෙනෙක්ට බය නැතුව Recommend කරන්න පුලුවන් Sports Anime 10ක් ගැන ගේන්න.
Haikyuu

මේක ඇවිල්ල ඉස්තරම්ම Sports Anime එකක්. මාරම Realistic සහ පට්ට Down To Earth Anime එකක්. කතාවෙ වෙන්නෙ Hinata කියන උස අඩු ඒත් Spiker කෙනෙක් වෙන්න හීන දකින Volleyball Player සහ එයාගෙ ටීම් එක වෙන Karasuno කියන Former Power House Shool එක එක්ක එයා Volleyball Career එක ගොඩනගාගන්න හැටි. මුල් ටිකේ තවත් High School Team එකක Road to Championship Story එකක් වගේ දැනෙයි.
ඒත් මන්ගා එක කියවපු අය දන්නවා අන්තිමට කොච්චර extent එකකට මේක යනවද කියලා. තාම continue වෙන සීරිස් එකක්. මේකෙ ඇනිමේ එක වගේම Manga එකත් Awards සෑහෙන්න දිනාගත්ත එකක්.
සීසන් 4ක් ඇවිත් තියෙනවා. ඉස්සරහටත් continue වෙනවා අනිවාර්යයෙන්ම. ඒ නිසා අනිවාර්යයෙන්ම බලල සෙට් වෙන්න.
Slam Dunk

Sports Genre එකේ අද්විතීය නිර්මාණයක් තමා මේක. දැන් අවුරුද්දට බුරුතු පිටින් Sports Anime ආවට මේක එන කාලෙ Sports Manga වත් ලොකුවට හිට් වෙලා නෑ. ඒ කියන්නෙ මහාලොකු Wow Vibe එකක් එන නිර්මාණ ඇවිල්ලම තිබුණ් නැති තරම්ලු. ඉතින් මේක එන්නෙ. 90දශකය Golden කරපු තවත් නිර්මාණයක්. කතාව ගත්තම කෙල්ලෙක් දාගන්න එයාව Impress කරන්න Basketball ගහන්න යන කොල්ලෙක් ගේම් එක ඉගෙන ගන්න ගමන් Basketball වල වැඩ දාන හැටි තමා තියෙන්නෙ.
වැඩ දානවා කිව්වට පොර Hinata, Kagami Type Prodigy එකක් නෙවෙයි. පට්ටම Reckless ඔලුවක් නැති ඩයල් එකක්. මාරම ලස්සනට මෙයාව Develop කරනවා කතාවෙ. ඒ වගේම Side Characters එහෙමත් ඒ වගේ. මේක තමා මටනම් Sports Anime වල දැනට No. 1. පට්ට Realistic විදියට පෙන්නල තියෙන Show එකක්. මේකෙ Development කොච්චර හොඳද කියනවා නම් ඩයල් එක ඉස්සෙල්ල Basket එකට Shoot කරල Point ගන්නෙ 100වෙනි එපියෙ. හිතාගන්නකෝ.
Hajime no Ippo

මම බලල තියෙන හොඳම Boxing Anime එකනම් මේක. මේක කොච්චර Convincing Combat Sports Anime එකක්ද කියනවනම් ඔයාල දන්නවා ඇති YT Channel එකක් තියෙනවා Combat Sports Breakdown කරන Modern Martial Artist කියලා. අන්න ඒකෙ වෙනම playlist එකක් තියෙනවා මේකෙ Mention වෙන Moves ගැන කියල විතරක්. එතකොට එතනින් ඇනිමේ එක ගැන හිතාගන්නකෝ
කතාව ගත්තම සීසන් 3ක් සහ OVA Movies දෙකක් පුරාවට කතාව ඇදෙනවා. හැබැයි ඒ ඉවරත් නෑ. මේකෙ Manga එක chapters 1000+ පහුකරපු ලෝකෙ දීර්ඝතම මන්ගා වලින් එකක්. කොහොමහරි කතාවෙ ප්‍රධාන චරිතය වෙන Ippo කියන කොල්ල ස්කෝලෙ හරියට bully වෙනවා. එහෙම bully වෙන දවසක එයාව බේරගන්නෙ ඒ වෙනකොට Champion Level එකක හිටපු Boxer කෙනෙක්. ඉතින් මේකෙන් එයා Boxing වලට යොමුවෙනවා. බලනකොට තමා දන්නෙ ඩයල් එක බයගුල්ලෙක් වගේ හිටියට සිරා boxing ability එකක් තියෙන එක්කෙනෙක් කියලා. කොහොම හරි 0 ඉඳන් පටන් අරන් Champion වෙලා එතනින් එහාටත් කතාව යනවා. Ippo වගේම එයාගෙ gym එකේ අනිත් players ල ගෙ career එකත් මේ හරහාම ලස්සනට යනවා. අනිවාර්යයෙන්ම බලන්න ඕනි 2000ගණන්වල මුල ලෝකෙ හොල්ලපු ඇනිමේ එකක්.
Ping Pong The Animation

Animation Masterpiece කියන්නෙ මොකක්ද කියන එක බලාගන්න ඕනිනම් මේ සීරිස් එක බලන්න. ඇනිමේඑක නෙවෙයි මේකෙ ඇනිමේශන් නම් Masterpiece level එකක තියෙනවා. කතාවනම් යන්නෙ Table Tennis Player කෙනෙක් ගැන. මේකෙ Protagonist කොච්චර Talented වුණත් එයාට Win කරන්න Hunger එකක් නෑ. ජයග්‍රහණයේ පිපාසාව කියන්නෙ අන්න ඒක නෑ. ඉතින් ඒ වගේ Player කෙනෙක්ගෙ journey එක තමා මේකෙන් ගේන්නෙ.
ආයෙත් කියනවා මේකෙ ඇනිමේශන් නම් Mindblowing. මාරම creative. කොටින්ම සමහර ඒවා මන්ගා Panel කියවනකොට ඒවට පණ ආවා වගේ. ඒ ඇනිමේශන් experience එකනම් පට්ටම Unique Sports Genre කෙසේවෙතත් ඒ නිසා හරි බලන්න වටිනවා මේ ඇනිමේ එක.
Kuroko no Basuke

මේක ඇවිල්ල බාස්කට් බෝල් anime එකක්. මේක ගැන full detailed review එකකුත් අපි අරන් ආවා. Sports Anime වලට ආස අයට හොඳටම සෙට් වෙන්න පුළුවන් මේක. කතාව ගත්තොත් තියෙන්නෙ Basketball වල Shooting, Guarding වගේ Basic Skills වලට හැකියාවක් නැතිම තරම් වුණත් Passing වලට තියෙන Extraordinary Talent එක නිසා Phantom Sixth Player කියල හඳුන්වන Kuroko කියන කෙනාවටේ තමා කතාව යන්නෙ. එයගෙ Passing Skill එක Use කරල එයාගෙ Team එකේ Kagami Taiga කියන Ace Player එකක combination එකක් හදන් ටීම් එක ඇදගෙන යන කතාව. එපිසෝඩ්ස් 75ක් සීසන් 3ක් පුරාවට යනවා Story එක.ඒ වගේම මේකෙ Movie එකකුත් තියෙනවා
ඒකත් බලන්න. ලස්සන අවසානයක් තියෙන කතාවක්. මේක ඇවිල්ල NBA Fans ල අතර පවා Viral වෙච්ච ඇනිමේ එකක්. Kobe, Shaquel, MJ, Steph වගේ ගොඩක් Players ල Inspire කරගෙන තමා මේක චරිත ගොඩනංවලා තියෙන්නෙ. NBA Fan කෙනෙක් නම් මේකෙ සමහර සීන් දකිනකොට NBA වල සමහර Moments මතක් වෙයි. අනිවාර්යයෙන්ම බලන්න
Ace no Diamond

Baseball Fans ල අතර අතිශයින් ජනප්‍රිය වුණ ඒ වගේම ඕනිම ඇනිමේ බලන එක්කෙනෙක් අහල හරි තියෙන ඇනිමේ එකක් තමා Ace no Diamond කියන්නෙ. මේකෙ කතාව යන්නෙ Japanese Highschool Baseball වටේ. Remote School එකක ඉඳන් tokyo වලට එන Sawamura කියන්නෙ එච්චර prodigy type player කෙනෙක් නෙවෙයි. Bowler කෙනෙක් විදියට විශේෂයෙන් mysteries එහෙමත් නෑ එයාගෙ. නමුත් undying will එක නිසා එයා කොහොමහරි තමන්ට පුළුවන් දේ කරලා Team එක ඇදන් යන්න උත්සහ කරනවා.
විශේෂම දේ තමා අනිත් ගොඩක් sports anime වල වගේ මේකෙ තියෙන්නෙ Underdogs school එකක් ගැන නෙවෙයි. මේකෙ team එක අයිති powerhouse school එකකට. හැබැයි ඒ වගේ school එකක ප්ලේයර්ස් ලා අතර තරඟට, පීඩනය වගේ දේවල් දරාගෙන යන ගමන ගැන තමා මේ සීරිස් එකේ තියෙන්නෙ. Interesting Series එකක්.
Ashita no Joe

Boxing Anime එකක් 70 ගණන් වල ආපු. හැබැයි 70 ගණන්වල ආව කියලා මේක මිස්කරගන්නවනම් මහා අපරාධයක් කරගන්නෙ ඔයා. මොකද ඕනිම Sports Fiction එකක මම දැකලා තියෙන හොඳම අවසානය තියෙන්නෙ මේකට. කොච්චර හොඳ ද කියනවනම් දවස් දෙකක් විතර Shock එකට වෙන මුකුත් කරේ නෑ. ඔහේ හිටියා. මේකෙ තේරුම තමා Tomorrow’s Joe කියන එක. ඔය ලෝකයුද්ධ කාලෙන් පස්සෙ වගේ ඇමරිකාවෙන් ජපානෙට ආපු boxing එක්ක එක පැත්තෙන් Boxing ක්‍රීඩාවත් මූලික අවධියක තියෙන කාලයක් සලකලා තමා මේ ඇනිමේ එක එන්නෙ. ඒ කියන්නෙ මේකෙන් ජපානයේ බොක්සිං ක්‍රීඩාවේ විකාශය පවා ගේනවා එක පැත්තකින්. කතාව ගත්තම Rookie Level එකේ ඉඳන් එන මාර ගහගන්න උණක් තියෙන joe කියන කොල්ල ගෙ championship එක දක්වා යන road එක තමා මේකෙන් පෙන්නන්නෙ.
Rocky Movie Series එකට එහෙම ආසනම් අනිවාර්යයෙන්ම බලන්න. මාරම විදියට Feel වෙයි.
Burning Kabaddi

ජනප්‍රිය ක්‍රීඩාවලින් පැත්තකට ගිහින් ඔන්න ආවා කබඩි ගහන්න. අනිවාර්යයෙන්ම ලංකාවෙ අයටනම් මේක අලුත් ක්‍රීඩාවක් නෙවෙයිනේ. හැබැයි ඔයාල මේ ඇනිමේ එක බැලුවම පුදුම වෙයි Kabaddi වගේ Sports එකකට ජපානයේ ඇනිමේ එකක් යන්න තරම් තියෙන තත්ත්වය මොකක්ද කියලා.
මේ Fall එකේ Release වුණ Sports Genre ඇනිමේ එකක්. Tatsuya කියන Former Highschool Soccer Player Kabaddi ගහන්න යොමුවෙනවාත් එක්ක වෙන සිද්ධි ටිකක් තමයි ස්ටෝරි එක. Promising series එකක්. මේකෙ කතාවෙ ඉන්න චරිතම කියනවා Kabaddi කියන්නෙ interesting sport එකක්නෙවෙයි කියලා. එහෙනම් මොකක්ද මේකෙ බලන්න තියෙන්නෙ. පොඩ්ඩක් බලන්නකෝ. හැමෝටම සෙට්වෙයිද දන්නෙ නෑ. මම බැලුවෙත් මගෙ යාළුවෙක් kabaddi play කරනවා. පොරට පෙන්නන්න. පොරටත් සෙට්. ඒ නිසා බලන්න. මොකද රැල්ලෙයන්නෙ නැතුව වෙනස් විදිහට කරපු වැඩක්.
Prince of Tennis

සාමාන්‍යයෙන් SportsAnime කිව්වම අනිවාර්යයෙන්ම කතාවෙන ඇනිමේ එකක් තමා මේක. Prince of Tennis වල ලොකු ෆෑන් කෙනෙක් නෙවෙයි මමනම් හැබැයි මේකසෑහෙන්න හොඳ ප්‍රතිචාර දිනාගත්ත ඇනිමේ එකක්. USA වල Middle School Tennis Champion කෙනෙක් වුණ Ryoma japan වලට එනවා.
ඇමරිකාවෙ දාන සෙල්ලම් ජපානෙ දාන්නෙ කොහොමද කියනඑක තමා මේකෙ කතාවෙන් ගේන්නෙ. බලන්නකෝ. Enjoy කරන්න පුලුවන් පට්ට සීරිස් එකක්.
Yowamushi Pedal

Pedal කිව්වම දන්නව ඇතිනේ Bicycle එකක් ගෑවිලා ඇති කියලා ඔව්. මේකෙ තියෙන්නෙත් Cycle Racer කෙනෙක් වෙන්න හදන කොල්ලෙක් ගැන. මම මෙහෙම කියන්නම් මේක KnB වගේ අතාත්ත්වික මට්ටමේ ඇනිමේ එකක් නෙවෙයි. Diamond no Ace වගේ මටනම් ඊටත් වඩා හොඳ character development එකක් පෙන්නපු කතාවක්. මේකෙ තියෙන්නෙ Anime Club එක disband කරාට පස්සෙ cycle club එකකට බැඳෙන onota කියන otaku ඩයල් එකගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන හැටි. Episodes 40ක වගේ සීරිස් එකක්. Team Sport එකක්ම නොවන නිසා අනිවාර්යයෙන්ම බලන්න. ආතල් සාගරයක්වෙලාවකට මේක
මේ ඇරෙන්න මම බලපු sports anime ගොඩක් තියේ. හැබැයි olympic එකයි තව realistic ගතියයි ඔක්කොම හිතලා filter කරලා මේ 10 ගැන ගෙනාවෙ. ඒ වගේම underrated තව ඇනිමේසෙට එකක් වෙනම තියෙනවා ඒවා ගැනත් ඊළඟ පෝස්ට් එකෙන් ගේන්නම්. ඔයාල බලපු ඒවත් කොමෙන්ට් කරගෙන යමු.
තව මේ වගේ ලස්සන ලිපි කියවනන් අපේ Hype Zone page එකටත් සෙට් වෙන්න
ඒ වගේම geek දේවල් ගැන කතා කරන්න දන්න දේවල් share කරගන්න අපේ HYPE Community සෙට් වෙන්න