You are currently viewing Haikyuu: Anime Volleyball Sensation

Haikyuu: Anime Volleyball Sensation

ඔන්න අද කතාකරන්න යන්නේ Sports Genre එකට අයිති සුපිරි ගණයේ Anime Series එකක් ගැන… Show එකේ නම Haikyuu…

ඇයි මේ සීරිස් එක විශේෂ වෙන්නේ?

මොකක්ද Haikyuu Effect එක කියන්නෙ?

පලවෙනි දේ තමා මම Slam Dunk Post එකේ කිව්ව මතක ඇති ඒක ඇවිල්ලා ආසියානු කලාපයෙ Basketball Sensation එකක් ඇතිකරපු විදියෙ Show එකක්. ඉතින් ඕකෙ Volleyball Impact එක ඇතිකරපු සීරිස් එක තමා Haikyuu කියන්නෙ.

Haikyuu කියන්නෙ ඇනිමේ එකක් විදියට නෙවෙයි ඕනිම Genre එකකින් ආපු සීරිස් එකක් විදියට් ලෝකෙ වැඩිම Sports Enthusiasm එකක් ඒ සීරිස් එක නිසා ඒ ක්‍රීඩාවට ඇතිකරන්න සමත් වුණ සීරිස් එකක් කිව්වොත් හරි. මොකද අපි දන්නවා ආසියානු කලාපයේ ඇනිමේ නිසා ඒ ඒ ක්‍රීඩාවට ආපු professional athletes ල ඉන්නවා. අපි කලින් ලිපියකත් කිව්වනෙ NBA Japanese Players ල Slam Dunk නිසා ඒකට ආපුඅය කියලා. ඉතින් ඕකෙ Global Scale එකට ගිය දෙයක් තමා Haikyuu කරන්නෙ.

ඒ කියන්නෙ ලෝකෙ Volleyball උන්මාදයක් ඇතිකරපු සීරිස් එකක් තමා මේක. ලෝකයේම හොඳේ. මොකද Popularity අතින් ගත්තම Basketball, Soccer, Baseball වලට වඩා යම් මට්ටමක අඩු ජනප්‍රිය තාවක්

තියෙන එකක් තමා Volleyball කියන්නෙ. කොටින්ම Volleyball ගැන හරිහමන් Sports Movie එකක් වගේ තියෙන්නෙත් Miracle Season, Leap වගේ සීමිත ප්‍රමාණයක්. ඉතින් Volleyball වලට Haikyuu add කරපු තල්ලුව එසේ මෙසේ එකක්නම් නෙවෙයි.

Haikyuu ලිව්වෙ කවුද? Manga එක කොයි වගේද?

Creator ගත්තම Haruichi Furudate තමා මේකෙ Manga එකේ Writer. Anime එකේ Writer Taku Kishimoto. 2012ඉඳන් මේ වෙනකන් Volumes 43ක් වෙනකන් Manga Series එක Run වෙමින් තියෙන්නේ… Production I.G එකෙන් තමා 2014 දි Anime එකට අත ගහන්නේ.. Production IG කිව්වම ඇනිමේශන් පැත්තෙන් නමක්දිනාගත්ත කට්ටියක්. Psycho Pass එහෙම කරෙත් එයාල සාමාන්‍යයෙන් තේරෙනවා ඇතිනේ Manga එක Release වෙලා පොඩි කාලෙකින් Anime Series එකකට Adapt වෙනවා කියන්නේ හොඳ Creation එකක් තමයි… මේ වෙනකොට Commercial අතින් සෑහෙන්න Successful වෙච්ච Series එකක් මේක… ඒ වගේම මේ දවස්වලත් Trending Show එකක්..ඔලිම්පික් අස්සෙ Haikyuu Theme එක Play වෙනවා එහෙම ඇහිලා ඇති.

Anime Beginner කෙනෙක්ට Recommend කරන්න පුළුවන් සුපිරි කතාමාලාවක් තමයි Haikyuu. දැනට Over 38 Million Copies Sold Out වෙලා තියෙන මේ Seried එක ගැන අද අපි කතා කරමු…

Story

කතාවෙ ප්‍රධාන චරිතය Hinata Shoyo. පොර ටිකක් කොටයි කියමු. හැබැයි මාරම ආසයි Volleyball වලට. අපේ ජාතික ක්‍රීඩාව Volleyball වුණාට සමහරුන්ට වගක්වත් නෑනෙ ඒ ගැන. හැබැයි ලංකාව ගත්තමත් සෑහෙන්න හොඳ දක්ෂතා පෙන්නලා තියෙනවා වොලිබෝල් වලින්. කාලයක් ආසියාවෙ 6 නැත්නම් 7 වුණා. ආසියාවෙ මුල් ටිකේ ඉන්නෙ Japan, China, Iran වගේ කොටින්ම World Rankin වලපවා ඉස්සරහින් ඉන්න කණ්ඩායම්. ඉතින් ඊට පස්සෙ අපි ඉන්නවා කියන්නෙ යම් මට්ටමක අපිත් ඉන්නව

එහෙම් නෙවෙයි Japan ගත්තම හැම Sport එකක් වටේම හොඳට පහසුකම් තියෙන රටක් හැම ප්‍රදේශයකම වගේ. ඒ කියන්නෙ Tokyo වලට Sports හරහා Access එක අනිත් remote areas වලටත් ලැබෙනවා. ඉතින් Volleyball Based කරන් Anime එකක් ආපු එක ගැන පුදුම වෙන්න එපා. අපි Japan වල Hit කියල හිතන්නෙවත් නැති Sports Based කරන් සුපිරි Anime Series ඇවිල්ල තියෙනවා. ඒව ගැනත් ඉස්සරහට කියන්නම්.

ඉතින් Shoyo උස මදි වුණාට පොරට Volleyball ගැන තියෙන Passion එකත් එක්ක තමන්ගෙ යාළුවො සෙට් එකක් එක්ක දෙයියනේ කියල Official Match එකකට යනවා. හැබැයි අම්බානට කනවා. එයාට සුපිරි Opponent කෙනෙක් හම්බවෙනවා එයාගෙ First Match එකේම. Kagayama Tobi. ඉතින් මේකෙන් පොඩි පොඩි හැල හැප්පිලි ටිකක් වෙලා කොහොම හරි College Studies වලට Shoyo එනවා Karasuno College එකට. මේක ඇවිල්ල ඉස්සර Volleyball වලින් Run කරගෙන ඉඳල පස්සෙ Playersla Coaches ල මාරුවෙනවත් එක්කම බහින් කලාවේ ඉන්න Team එකක්. Flightless Crows කියල කියන්නේ. ඉගිලෙන්න බැරි Crows ල තේරෙනවානේ ඉතින්.

කෝම හරි Shoyo එක්ක තවත් First Year තුන් දෙනෙක් අලුතෙන් Team එකට Join වෙනවා. එක්කෙනෙක් තමයි පොර එක්ක අවුල් දාගත්ත Kagayama. King of the Court කියල තමා පොරට කියන්නෙ.පට්ට Talented. හැබැයි පොරට King කියන්නෙ Talent එක නිසාම නම් නෙවෙයි. හරි හේතුව බලාගන්න Series එක බලන්නම වෙනවා ඔන්න.

ඉතින් Team එක පරණ දාල ගිය Players ල එහෙම Set කරන් අළු ගහල දාල නැගිටින ටික තමා මුල් ටිකේ තියෙන්නෙ. එක එක Player ගත්තම එක එක Mentality තියෙන්නෙ. එක එක Player ගෙ perspective එකෙන් Team එකේ Goal එක වෙත යන ගමන මාරම ලස්සනට පෙන්නල තියෙනවා Series එක පුරාම. මම කොහොමත් පෞද්ගලිකව Sports Genre එකේ සෑහෙන්න Movies Series බලල තියෙන කෙනෙක්.ඒත් මේකෙ වගේ Hype එකක් Matches වල තියෙන Intense එක Thrill එක ඒ වගේම Players ලගෙ Moral පෙන්නන Mortivating Scenes එහෙම ඉහලම තැනක තියෙනවා. ඕනිම Game එකක් එක විදියක Chess Game එකක් නේද කියල හිතේවි මේක බලනකොට. දැල එහා පැත්තට බෝලෙ යවාගන්න මොලෙන් දෙන ගේම බැලුවම කියන්න වචන නෑ.

Sports Anime අනිත් Genres ඒ කියන්නෙ Documentaries වගේ නැත්නම් Live Action එක්ක බැලුවම වෙනස් වෙන තැන තමා මේකෙ Player ගෙ Mentality ර්ක එයාගෙ ඔලුව වැඩ කරන හැටි ගැන පෙන්නන විදිය. අපිට කවදාවත් game එකක intense moment එකක ක්‍රීඩකයාගෙ ඔලුව වැඩකරන හැටි හිතාගන්න බෑනෙ. ඇනිමේ වල ඕක ලස්සනටන පෙන්නනවා. Haikyuu ගත්තමත් එහෙමයි

Characters 🏻

කොහොම හරි Character Development ගත්තම Series එකම හොඳ මට්ටමක තියෙනවා. ඉහලම කියන්නත් බෑ. මොකද සමහර Supporting Characters එක පාරම අතෑරපු ගතියක් පෙනුණා තැනින් තැන. ඕක ඕනිම Spirts Anime එකක තියෙන දෙයක්. Bench එකේ ඉන්න එක්කෙනාගෙ ඉඳන් හරිම අමාරුයි හැමෝටම fair screentime දෙන්න. ඒ වුණාට ඒකෙන් කතාවෙ රසයට බාධාවක් වෙන්නෙ නෑ. Kagayama Hinata Duo එකේ Rivalry එක පස්සේ Ultimate Combo එකක් වෙනකන් වර්ධනය වෙන හැටි එහෙම බලන්න ලස්සනයි. ඒ වගේම මේකෙ Jow Dropping Twists එහෙම තියෙනවා Totally Unexpected. හැම වෙලේම අන්තිම මොහොතෙ වීරය දිනන Story Arc එක කන පිට ගහපු Series එකක් කිව්වොත් හරි.ඒ වගේම හිනාවෙලා මැරෙන්න පුළුවන් සීන් අනන්තයි. Tanaka, Nishinoya වගේ කෙල්ලො සීන් එකේම ඉන්න Players ල දෙන ආතල් නිසා Chill එකේ බලන්න පුළුවන් සීරිස් එකක්.

අනිත් එක්කෙනා Tsuki. එයාගෙ වෙනම Mentality එකක්. Tsuki කියන්නෙ Volleyball is just another game. It’s just another club. ඔන්න ඔහොම හිතන කෙනෙක්. හැබැයි දැන් එයා ඉන්න mentality එක වෙනම ලෙවල් එකක්. තව ඉන්නවා oikawa අපි ආසකරන villain type character එකක් මේක බැලුවම අනිවාර්යයෙන්ම එයාටත් මාර respect එකක් ඇතිවෙනවා නොඅනුමානයි.

Cinematography

මගේ අනිත් Plus Point එක තමා මේකෙ Cinematography. Top Notch. Volleyball කියන්නෙ ලෝකෙ Fastest ම ක්‍රීඩාවක්නේ. ඉතින් ඒ Fast ගතිය මාර ලස්සනට මේක පුරාම පෙන්නල තියෙනවා. විශේෂයෙන්ම මේකෙ Teams ගත්තම එක එක Nick Names තියෙන්නෙ. Dateko Wall, Karasuno නම් Ravens ඒ වගේ. ඉතින් ඒ Nick Name එකත් එක්ක Game එකේ Parallel Shots වගයක් එහෙම Animate කරල මාර ලස්සනට Game එකයි ඒ Alter Ego එකයි Match කරල තියෙනවා.බලන්න ලස්සනයි ඒක නම්.

විශේෂයෙන්ම Tsuki ගෙ block එක, Tanaka ගෙ Spike එක, nishinoya ගෙ Rollin Thunder Moment එක, Karasuno ලගෙ minus tempo + Synchronized Attack එක ඔයවගේ දේවල් මාරම ලස්සනට පෙන්නනවා. Craw vs Eagle විදියට පෙන්නන ෆයිනල් එක එහෙම මරු

Score

ඒ වගේම Music ගත්තම Opening Ending Track වල මහා ලොකුදෙයක් නැතත් Enjoyable. මට හොඳේ. මේකෙ Opening දැන් Volleyball Games වල japanese players ලගෙ moral up කරන්න පවා ප්ලේවෙනවා. ඒත් Matches වල තියෙන Intense එක Thrill එක නම් Music වලින් දෙනවා මදි නොකියන්න. සුපිරිම BG Track වලින් Heat එකක් හදන Series එකක් තමයි මේක. අනිවා බලන්නම ඕනි ඒ ආතල් එක ගන්න. Confrontation of The King, Omnivorous, Greetings වගේ NextLevel OST ටිකක් තියෙනවා මේක

Haikyuu as a global icon

හිතපු නැති විදියට international recognition එකක් ලැබිච්ච ෂෝ එකක් තමයි මේක. විශේෂයෙන්ම වොලිබෝල් කිව්වම මෙහෙම ලොකු recognition එකක් හම්බවුණ වෙන හේතුවක් නැති තරම් specially ගත්තොත් කිව්වම විශ්වාස කරන්න නැත්නම් yt වගේ search කරලා බලන්න NVL එක, olympic volleyball matches වල එහම views 230% ක වැඩිවීමක් වෙලා තියෙනවා Haikyuu එක air වෙන කාලයන් වලදී ඒ වගේම ඕනිම random volleyball match එකක (international හොඳේ) video එකක්බලන්න. Who else is here after watching Haikyuu? ඔන්න ඔහොන comments 100ක් වත් ඇති

අනිත් පැත්තෙන් ගත්තම US Basketball Team එක එහෙම Die Hard Haikyuu Fans ල. US Team එක හොඳේ. Haikyuu එකේ ඉන්න Libero Nishinoya ගෙ Die Hard Fan කෙනෙක් තමා US Libero Erik Shoji දැනට අවිවාදයෙන්ම වගේ සැලකෙන හොඳම libero player. එයා තමන්ගෙ YT Channel එකේ පවා මේක breakdown කරනව. Haikyuu moments. එසේ මෙසේ player කෙනෙක් නෙවෙයි ලෝකෙ හොඳම Libero

ඒ විතරක්ද නෑ නෑ. US Setter Micah පවා එයා සහ Kageyama අතර fans ල imply කරන සමානකම් නිසාම Haikyuu Fan කෙනෙක් වුන player කෙනෙක්. කොටින්ම International Volleyball Players ල අතර Trend එකක් ආවා haikyuu වලට react කරන. ඒ තරම global impact එකක් කරපුශෝ එකක් තමා මේක.

ඇයි හත්වලාමේ අපේ Brasil Team එක. Haikyuu කාපු සෙට් එකක් ඒක. ලෝකෙ No 1 Teams ගත්තම brasil සෑහෙන ලොකු candidate කෙනෙක්.  Brazil team එකේ alan souza එහෙම Manga එක පවා ඉවර කරලා මාර පිස්සුවෙන් ඉන්නෙ මේ සීරිස් එකට.  කොටින්ම පොරගෙ jersy number එකේ ඉඳන් තියෙන්නෙ Haikyuu References

Japan Players ලගැන කියන්න ඕනි නෑනෙ. International අරවගේ නම් Japanese අයගැන වෙන මොන කතාද. සෑහෙන්න haikyuu එක්ක bond වුණ team එකක් තමා japanese team එක. Japanese Team එකේ Yuuji Nishida ලගදි ලිව්ව පොතක illustrations පවා කරේ Haikyuu Mangaka. ඒ වගේම Haikyuu එකේ තියෙන Summer Tournament එක එහෙම දැන් Tourist Attraction එකක්. ඔව් Teenagers ල Play කරන Volleyball Tournament එකක් බලන්න ලෝකෙ නන් දෙසින් සංචාරකයො ආකර්ෂණය වෙලා තියෙනවා. That’s haikyuu impact for you

කොටින්ම Japanese Volleyball Team එකේ ඉන්න අය Haikyuu Manga එකත් කියවලා තියෙන්නෙ.

ඔන්න දැන් පොඩි Spoiler එකක් කියන්න යන්නෙ. මේක ඕනිනම් නොකියවා ඉන්න පුලුවන්. පහල paragraph එක විතරක්

අපි දන්නවා Aoba Josai Team එකේ ඉන්න Oikawa Argentina Team එකටපස්සෙ එහෙ Citizenship එක අරන් ප්ලේ කරනවා කියලා ඉතින් මේක වෙන දවස් වල Argentina Official Volleyball Team Account එකෙන් Welcomr Oikawa කියලා එයාට welcome කරලා තිබුණා. ඔව් Fictional Character එකකට Welcome කරල තියෙනවා Volleyball Team එකකින්. ඒකෙ coach ඇතුලු ටීම් එකෙන්

හරි දැන් ඉවරයි.

Aoba Osai ගත්තම Argentina Team එක එයාලගෙ මාර ෆෑන්ස්ලා. මොකද Argentina Team Vibe එක එයාලගෙ තියෙනවා. Date Team එක ගත්තම Russian Team එක එයාලගෙ පට්ට ෆෑන්ස්ල. එයාලගෙ similarities නිසා. ඔන්න ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා

ඔය තමන්ගෙ ජීවිතය Volleyball කරගත්ත අය මේ සීරිස් එකට දෙන තැන. තවත් උදාහරණ ඕනි නෑ නේද?

Movies & Series

61st Shogakukan Manga Award Ceremony එකේ හොඳම 

best shōnen manga එක තමයි මේක. ඒ 2016.සීසන් 4යි . ඒ වගේම Films  3කුත් ඇවිල්ල තියෙන්නේ. Recap Movies. මමනම් වැඩිය recommend කරන්නෙ නෑ කැමති අයට බලන්න පුළුවන්.

Haikyu!! Concept no Tatakai

Gekijō-ban Haikyu!! Shōsha to Haisha

Haikyu!! Sainō to Sense

Life Lessons

අන්තිමට කියන්න තියෙන්නෙ මම හැමදාම කියන දේ. මේ Anime කියන්නෙ Japan වල ගොඩක් Mortivation හදන්න යොදාගන්න දෙයක්. කොටින්ම Anime Series බැලුවම පොඩිදරුවෙක්ගෙ ඉඳන් ලොකු එකෙක් වෙනකන් හැමෝටම මේ තමන් නේද කියල හිතෙන එක Character එකක් හරි හම්බවෙනවා. ඉතින් මේකෙන් පෞද්ගලිකව මම ගත්ත දෙයක් තමයි අපි Almost Give Up කරන තැන් ඒ කියන්නෙ Almost Successful වුණා කියමු තැනක. නමුත් Key Word එක Almost. ඒ කියන්නේ ඇත්තටම අපේ Target එකට අපිගිහින් නෑ නේද. සම්හරවිට Exam එකක් වෙන්න් පුලුවන්.Pass වුණාට හිතපු Result එක නෑ. මොකක් හරි වැඩක් මහන්සි වෙලා කරා. හොඳ ප්‍රතිචාර ආවා ඕනිම කෙනා කිසි ප්‍රශංසාවක් කරේ නෑ. ඔය වගේ වෙලාවට අපිට අතඅරින්නම හිතෙනවා නේද වටේ ඉන්න අය මොනවා කිව්වත්. අන්න ඒක ගැන මේ Series එකෙන් ලොකූ පාඩමක් උගන්නනවා. ඒක තමයි මේ Series එක බලල මම ලබාගත්ත වටිනම දේ. මේවා රැල්ලට බලන්නෙ නැතුව ඒ ගැනත් හිතන්න කියල ඉල්ලන්න කැමතියි.

Sports Accuracy

ඒ වගේම Anime ගත්තම මේවගෙ තියෙන Body Movements එහෙම Artistic විදියට පෙන්නුවාට ඒවා මාරම Accurate. Physically Real Life Possible හොඳේ. කොටින්ම අච්චර Fantasy Story එකක් වෙන Naruto වලත් Fighting  Movements එහෙම මාර Accurate. සැබෑ Ninja arts දන්න කට්ටිය එහෙම React කරන Videos එහෙම තියෙනවා බලන්න පොඩ්ඩක්. මේකත් එහෙම තමා කාටූන්නේ ඕවා මොනවද කියල එහෙම හිතෙනවනම් කියල කිව්වෙ ඉතින්. හොඳම  උදාහරණය තමයි ඇමරිකාවේ olympic national volleyball team එකේ libero player karasuno libero nishinoya ගෙ movements වලට රිජෙක්ට් කරන වීඩියෝ playlist  එකක් තියෙනවා. බලන්නකෝ හොඳ විතරයි කියන්නේ මේ තරම් accurate. මේ වගේ සීරිස් එකක් මිස් කර ගන්නවා කියන්නේ අපරාදේ.

ඉතින් මේ සීරිස් එක අනිවාර්යයෙන්ම බලන්න. මේක ඉවරවුණාම ඔයා Volleyball Supporter කෙනෙක්වෙයි අනිවාර්යයෙන්ම. ඔලිම්පික් නිසාමයි මේ පෝස්ට් එකන්ලිව්වෙම ඉතින් මේක බලපු අය මේගැන හිතෙන දේවල් කියගෙන යමු.

තව මේ වගේ ලස්සන ලිපි කියවනන් අපේ Hype Zone  page එකටත් සෙට් වෙන්න

ඒ වගේම geek දේවල් ගැන කතා කරන්න දන්න දේවල් share කරගන්න අපේ HYPE Community සෙට් වෙන්න

Thilosha Nipunajith

An Artist | Creator of Revival Webtoon Series Anime Man of Hype Family

Leave a Reply