You are currently viewing Great Teacher Onizuka | GTO

Great Teacher Onizuka | GTO

ගුරුවරයා කියන්නෙ රටක අනාගතයක් තීරණය කරන්න පුලුවන් Role එකක්. මොකද රටේ අනාගත පරම්පරාව ගන්න තීරණ යන පාර හැමදේම පුංචි බලපෑමකින් වෙනස් කරන්න ගුරුවරයෙක්ට පුලුවන්. ඔයාලටත් ජීවිතේ ජයගත්ත ගොඩක් තැන්වල තමන්ගෙ Teacher කෙනෙක්ගෙ උදව්ව නැත්නම් ඒ මගපෙන්වීම නැත්නම් මේක කරන්න බෑ නේද කියන දේ හිතෙන්න ඇති. ඒ වගේම තවත් සමහරුන්ට තමන් වැටුණ වෙලාවක එහෙම තමන්ගෙ ගුරුවරයෙක් ඒකට හේතුවුණා කියන අදහස ඇතිවෙලත් ඇති. මොකද ගුරුවරයා කියන්නෙ උතුම් වෘත්තීයක් වුණාට ඒ වෘත්තීය කරන හැමෝම ඒක දරන්න සුදුසු අයම නෙවෙයිනෙ.😑

ගුරුවරයෙක් කියන්නෙත් රස්සාවක් නෙවෙයි ඒක දෙමාපියන් වගේම තමයි. පදවියක්… වගකීමක්…❤

ඔය කතාව අනන්තවත් අහල ඇතිනේ…

ඉතින් මේ පදවිය එක්ක අපිට තියෙන සංවේදී බැඳීම සිනමාවෙ මාතෘකාවක් වුණේ අද ඊයෙ නෙවෙයි. වැටුණ ළමයෙක්ට ගුරුවරයා නැගිට්ටවන්න දෙන වෑයම පාදක කරගෙන නිර්මාණය වෙච්ච Tare Zameen Par, Freedom Writers වගේ නිර්මාණ අපේ ලංකාවෙත් නොබලපු කෙනෙක් නැතුව ඇති. ඒ විතරද වෙනස් විදියට හිතන්න පුරුදු කරන ගුරුවරු ගැන කියාදෙන Dead Poets Society වගෙ නිර්මාණ. එතනින් එහාට ගිහින් ගුරුවරයෙක්ගෙ තමන්ගෙ ශිෂ්‍යයෙක්ව ඉස්සරහට යවන්න තියෙන උවමනාව නිසා ගන්න Extreme දේවල් ගැන පෙන්න Whiplash වගේ නිර්මාණ, ගුරුවරයා කියන Role එකේ ඉන්න කෙනා Perfectනෑ කියලා පෙන්නන Detachment වගේ නිර්මාණ  ගුරුවරයෙක් ගැන ඇතිවෙන Sexual Attraction ගැන Parody විදියට කියන Bad Teacher, Dead Serious විදියට කියන Piano Teacher, මේ Romance එක ගැන හරි ලස්සන විදියකට කියන Premam,Garden of Words  වගේ නිර්මාණ ඔයාල බලල ඇති.

ඉතින් අද මම හිතුවා මේ Role එක ගැන කියන 90ගණන් වල ඇනිමේ.එකක් ගැන කියන්න🔥

Great Teacher Onizuka නැත්නම් GTO.

Initial D බලල Racing සීන් එකේ ඉන්නකොට මට Suggest වුණ සීරිස් එකක් තමයි Great Teacher Onizuka. ඇත්තටම මේක ගොඩක් Famous GTO කියලා. නම නිසාමද දන්නෙ නෑ ටිකක් Racing Vibe එකක් දැනුණ නිසා මම මේක බලන්න පටන්ගත්තා ඕනි මගුලක් කියලා.😁

Opening එක පටන්ගන්නෙ Main Character එක වෙන Onizuka Flush කරලා Washroom එකේ ඉඳන් සිගරට් එකක් ගහන ගමන් කිසිම ඇඳුමක් නැතුව Bed Room එකෙන් එලියන එන Frames වගේකින්. මේක බැලුවම Black n White Tones එක්ක අවුරුදු 20 ගාණක කොල්ලෙක් ආතල් එකේ නිදහසේ ටිකක් Controversy විදියට ඉන්නවා Opening එකේම මට බලාගන්න පුලුවන් වුණා. කෝම හරි කතාවෙ නම Great Teacher Onizuka කියල දැක්කම ටිකක් Surprise වුණා මොකද Teacher කියන වචනෙ ඇහුවම හීනෙකින්වත් හිතෙන්නෙ නැති දේවල් ටිකක් තමා Op එකේ පෙන්නුවේ.😁

කොහොම හරි Opening එක බලනකොට මට හිතුනෙ මූ ටීචර් කෙනෙක් වුණාට කොච්චර ආතල් එකේ ඉන්නවද කියලා. ගුරුවරයා කියන අපි දන්න සම්මත චරිතයක සම්මත ප්‍රතිරූපය උඩුයටිකුරු කරපු ඩයල් එකක් තමා මේ Op එකේ හිටියේ. මේක බලනවනම් එපියක් දෙකක් Op එක skip නොකර බලන්නකෝ. අනිවාර්යෙන්ම මේ දවස්වල නිතර ඇහෙන සමාජයට බම්බු ගහපන් කියන සීන් එකයි එහෙම ජීවිතේ විඳින සීන් එකයි ලස්සනට පෙනෙයි. ඒ වගේ මැසේජ් එකක් මගෙ ඔලුවට ආව කොහොමහරි ඇනිමේ එක පටන්ගන්නත් කලින්..😉

ඉතින් ඇනිමේ එක ගැන හිතාගන්නකෝ…

මේක මෙහෙමයි. කතාව ගත්තම තනිකර Focus වෙලා තියෙන්නෙ Onizuka කියන අවුරුදු 22 තරුණයා වටා. මෙයාගෙ හීනෙ තමයි තමන්ගෙ Virginity එක තරුණ කෙල්ලෙක් ලවා නැතිකරගන්න. ඒ නිසා පොර School Teacher කෙනෙක් වෙන්න තමා බලන්නේ. මොකද දන්නවනේ Japanese School වක කෙල්ලොන්ගෙ Uniform අනන් මනන් නිසා පොර ඇවිස්සිලා කෝම හරි හෙන ගේමක් දීලා Pvt School එකක ටීචර් කෙනෙක් වෙන්න පැනගන්නවා.

මෙහෙමයි පොර Virgin Pervert කෙනෙක් වුණාට School යන කාලෙ Bike Gang එකක් රන් කරපු Legendary Gansta කෙනෙක්. ඒ නිසා කවුරුවත් කියන දෙයක් කනකට ගන්නෙ නෑ පොර. තමන්ට මොකක් හරි ලයින් එකක් දුන්නොත්  ස්ත්‍රී පුරුෂ භාවය සලකන්නෙ නැතුව සලකන විදියෙ ඩයල් එකක්. ටීචර් කෙනෙක් වෙන්න මොලේකුත් නෑ පොරට. ඒ වුණාට Pervy ගතියනම් තියෙනවා සුපිරියටම 😂😂😂

ඉතින් මේ Onizuka ට භාරදෙන්නෙ එසේ මෙසේ ක්ලාස් එකක් නෙවෙයි. ඒ ක්ලාස් එකේ ළමයි එක එක අත්දැකීම් නිසා ගුරුවරු ගැන විශ්වාසය 0ටම බැහැපු කට්ටිය. ගුරුවරුන්ට පොඩ්ඩක්වත් ගරු කරන්නෙ නෑ. දරුණු Pranks එහෙන කරලා එන එන Teacher ව ආපහු යවනවා. කරන්නෙත් එසේ මෙසේ Pranks නෙවෙයි. Nude Photos Edit කරලා දාන එක, ගුරුවරු අතරේ Sexual Relationship පෙන්නලා එක එක දේවල් notice board එකේ දාන එක, sexual harrasment වලට frame කරන එක වගේ හිරේ යන ලෙවල් එකේ වැඩ. Onizuka ට කලින් වැඩේ භාරගත්ත ගුරුවරු බහුතරය Depression හැදිලා අස්වෙලා අන්න ඒ මට්ටමේ ඉන්නේ. කොහොම හරි මෙයා වැඩේ භාරගන්නවා. පස්සෙ තමා තේරෙන්නෙ ඇයි කිසිම සුදුසුකමක් නැතුව පොරටම මේ ක්ලාස් එක භාරදුන්නෙ කියලා. මේ පාර අර ළමයි සෙට් එක එක්ක හැප්පෙන්න එන්නෙ නාකි ඩයල් එකක්වත් අලුත් බයාදු ටීචර් කෙනෙක්වත් නෙවෙයි Legendary Gangster කෙනෙක්. 😂😂😂

කොහොම හරි Onizuka ගොඩක් අසම්මත ක්‍රම Use කරලා ළමයින්ට සමීප වෙලා එක එක්කෙනාට Teacher කෙනෙක්ට වඩා වැඩි කෙනෙක් වෙන එක තමා කතාව පුරාවටම යන්නෙ. ඒත් පොරගේ Pervy ගතියනම් දශමයකවත් අඩුවෙලා නෑ. ඒ අස්සෙ කෙල්ලො පස්සෙ යන ගමන් Lady Teachers ල පස්සෙ යන ගමන් ළමයින්ගෙ අම්මලා පස්සෙ යන ගමන් පොර Teacher කියන රෝල් එකත් එක්ක මාර විදියට බැඳෙනවා නොදැනුවත්වම. අන්න ඒකයි කතාවෙ පොයින්ට් එක.

කතාවෙ ඉන්න ළමයි සාමන්‍යයෙන් අපි මේ වගේ  කතාවක දකින ගුරුවරුන්ගෙන් උදව් ලබන ළමයින්ට වඩා හාත්පසින්ම වෙනස් කට්ටියක්.මොකද මම එහෙම කියන්නේ දන්නවනේ මේ වගේ කතාවද සාමාන්‍යයෙන් එන්නේ එක්කෝ දුප්පත් ඉගෙන ගන්න දක්ෂ ළමයි නැත්නම් පවුල් ප්‍රශ්නයක් හින්දා ඉගෙන ගන්න උවමනාවක් නැති ලමයි relationship සීන් නිසා අවුල් දාගත්ත ළමයි ඔය වගේ අය නේ. ඒත් මේකෙ එහෙම නෙවෙයි. මේකෙ ඉන්නවා කෙල්ලො සෙට් එකකින් නරක විදියට Bully වෙලා ලැජ්ජාව නිසාම සියදිවිහානි කරගන්න යන කොල්ලෙක්. තව ඉන්නවා තමන්ගෙ ගුරුවරයගෙන් Bondage Sadism Type Sexual දේවල් අපේක්ෂා කරන කෙල්ලෙක්. තව ඉන්නවා ගුරුවරයගෙ දැනුම හෑල්ලු කරලා ආතල් ගන්න කෙල්ලෙක්. අඩු වයස් අම්ම කෙනෙක් ඉන්න නිසා එක එක දුශ්කරතාවලට මූණ දෙන කොල්ලෙක්. ඔය වගේ එක එක විදියෙ ළමයි ඉන්නවා. ඒ වගේම වයසත් එක්ක විවාහ ජීවිතයේ ප්‍රශ්න තියෙන ගුරුවරු එහෙමත් ඉන්නවා. මේ ඔක්කොටම අන්තිමට පිහිට වෙන්නෙ අපි මේ කතාකරන අසහනකාරයා තමයි.

ඇත්තටම මේක Life Lessons ගොඩක් ගන්න පුලුවන් සීරිස් එකක්. ඒ වගේම ආතල් කෝටියයි. මේකෙ Music පවා ඔය ආතල් වීඩියෝ ක්ලිප් වල එහෙම යූස් වෙනවා නිතරම! බැලුවට පස්සෙ තමා ඒකත් දන්නෙ. ඒ වගේම ගොඩක් Sex Related Jokes තිබුණට ඒවා එකක්වත් Disturbing නෑ. පට්ට ආතල්.

හැබැයි මෙහෙමයි මේක 100%ක් Realistic Show එකක් නෙවෙයි. Onizuka එහෙම දාන වැඩ සමහරක් එහෙම SuperHuman Type ඒත් ඒවා ගැන වැඩිය නොහිතා බැලුවොත් Overall පට්ට සීරියස් දේවල් ගොඩක් ජීවිතේට ගන්න පුලුවන් සීරිස් එකක්.

ඇත්තටම කලින් කිව්ව වගේ ගුරුවරයෙක් වෙන්න තියෙන්න ඕනි පරිණතකම, ලැජ්ජා බය, දැනුම මුකුත් Onizuka ට නෑ. ඒත් පොර 100% Instinct එක මත තමන්ගෙ gut feeling එක මත තමා ගොඩක් තීරණ ගන්නේ. ඒකට ගොඩක්ම gang member කෙනෙක් විදියට පොරට තියෙන අත්දැකීම් යූස් කරනවා පොර. ඒ වගේම තමන්ගෙ ශිෂ්‍යයොන්ගෙ පැත්තෙන් තමන්ගෙන් වෙන්නෙ ඕනි දේ කිසිම සීමාවකට යටත් නොවී බය නැතුව කරන්නෙ මෙන්න මේ කලින් ජීවිතේ අත්දැකීම් මත.අනිත් එක තමා Onizuka හොඳ නරක බලන්නෙ නැතුව තමන්ගෙ ශිෂ්‍යයොන්ට උදව් කරනවා. ඇත්තටම සමහර Bad Characters ඒක totally not deserving. ඒත් ඒ තමයි Onizuka.❤❤❤

ඉතින් මේ වගේ ගොඩක් දේවල් ජීවිතයට ගන්න පුළුවන් ඒ පණිවිඩය අමුතුම විදිහකට අපිට ලබාදෙන ඇනිමේ එකක් තමයි GTO කියන්නේ. එපිසෝඩ් 42ක් අවසානයේ මේ කතාව ඉවර වෙන්නෙ හැබැයි Rush Ending කියන එකේ විපාකෙ අපිට ආපහු පසක් කරමිනුයි. අන්න ඒකත් කියන්නම ඕනි. ඒ නිසා ඇනිමේ එක බලලා Manga එකත් කියවන්න. ඇනිමේ එකට වඩා පට්ට Influencing Art Style එකක් තියෙනවා මන්ගා එකේ. Hentai ලඟින් ලඟින් යන ටයිප්. අනිවාර්යයෙන්ම කියවන්න. අන්තිම එපිසෝඩ් ටිකේ රශ් ගතියක් දැනුණනම් ඒක හරියයි.

ඉතින් කවුද මේක ලිව්වෙ? Tooru Fujisuwa තමා මේක ලිව්වෙ. මේක 97-2002 අතර Shonen Magazine එකේ යනවා. පස්සෙ තමා Pierrot ල මේක ඇනිමේ එකකට ගන්නෙ. දන්නවා ඇතිනේ Naruto Shippuden, Bleach එහෙම මෙයාලගෙ. ඒ වගේම කටක් ඇරල වරදක් නෑ කියන්න පුලුවන් මට්ටමේ live action movies සෙට් එකකුත් තියෙනවා. මමනම් බලල නෑ. ගොඩක් Anime Live Action Recommendation List වල මේ සෙට් එක තිබුණා. ඒ නිසා හිතනවා හොඳයි කියලා.☝️

එහෙනම් මේ වගේ ඇනිමේ ගැන තවත් ලිපියක් එක්ක ආපහු එන්නම්…

ඔබට ජය ❤

Thilosha Nipunajith

An Artist | Creator of Revival Webtoon Series Anime Man of Hype Family

Leave a Reply