You are currently viewing Eren Jaeger හිතන්නෙ කොහොමද?

Eren Jaeger හිතන්නෙ කොහොමද?

Attack On Titan ඇනිමේ එක බලපු අය වෙනුවෙන් ලියන ආර්ටිකල් එකක් මේක.. මන්ගා එක ස්පොයිල් වෙන එක උපරිමෙන් අඩුකරලා තමයි ලියන්න හිතුවේ.

ඉතින් මේ Eren, නැත්තන් මිකාසා කියන විදියට Ereh කියන්නෙ කවුද? ඇයි මේ කැරැක්ටර් එක, ඇටෑක් ඔන් ටයිටන් විතරක් නෙමේ හැම ඇනිමේ එකක්ම එක්ක සංසන්දනය කරද්දිත් සෑහෙන හොඳ කැරැක්ටර් එකක් වෙන්නෙ..

මුලින්ම අපි කතාකරන්න ඕනෙ Eren ගේ ළමා කාලය ගැන,

දැන් සාමාන්‍ය කතාවක් එක්ක බලද්දි නම් Eren ගෙවන්නෙ මහා කටුක ළමාකාලයක් වගේ කෙනෙක්ට හිතන්න පුලුවන්, හැබැයි Attack On Titan කියන තනිකර Savage ලෝකෙ අපිට හම්බුන අනිත් කැරැක්ටර්ස් එක්ක හිතුවම Eren ට සාමාන්‍යයෙන්  හොඳ ළමා කාලයක් තිබුනා කියලා මම හිතනවා..

Mikasa සහ Armin එක්ක විවේකය ගත කරන ගමන්, තමන්ගෙ දෙමව්පියන්ගෙ ඇසුරෙ හැදුන වැඩුන ළමා කාලයක් තමා Eren ට තිබ්බෙ.. (well.. almost)

නමුත් Eren ගෙ ළමා කාලය වුනත් නිදහස් එකක් කියන්න කොහෙත්ම බෑ.. ලොකු තාප්පයකින් වටවෙලා හිරකාරයෙක් වගේ ඒ ගෙවපු ජීවිතය Eren ට ඒකාලෙ ඉදන්ම සෑහෙන වදයක් වෙලා තිබුනා… ඉතින් මේ පොඩි Jeager සහෝදරයාගෙ හිතේ මේ කාලෙ මැවිලා තියෙන්නෙ පර්ෆෙක්ට් ලෝකයක් ..

කවදහරි “මේ තමයි ජීවිතේ” වගේ හිතෙන ලෝකයක ජීවත් වෙන්න පුලුවන් කියලා තමා මෙයාගෙ ඔලුවෙ තියෙන්නෙ. ඒ වගේම පොඩි Eren ට මිනිස්සු ගැන තියෙන එකම අවබෝධයට අනුව මේ ලෝකෙ ඉන්නෙ මිනිස්සු වර්ග 2 යි.

1. හොඳ මිනිස්සු

2.නරක මිනිස්සු

ඉතින් ඕක ඔලුවට දාගත්තට පස්සෙ Eren හැම කෙනෙක්ම දිහා බලන්නෙ ඔය කැටගරි දෙකෙන් එකකට දාලා..”අපි තමයි හොඳ අය.. ටයිටන්ලා නරකයි” වගේ අයිඩියා එකක් තමා Eren හිතේ තියාගෙන ඉන්නෙ..

හැබැයි වාසනාවට හෝ අවාසනාවට Eren ගේ මේ අයිඩියොලොජි එක කතාව ගලාගෙන යද්දි ටිකෙන් ටික, ටිකෙන් ටික කඩන් වැටෙනවා..

තමන්ගෙ ඇස් ඉදිරිපිටම අම්මව ටයිටන් කෙනෙක් කාලා දාද්දි.. Eren ගෙ හිතේ ටයිටන්ලා ගැන ඇතිවෙන වෛරය නිසා ‘I will kill everyone of them’ කියලා කියපු Eren ටම තමයි ටයිටන් කෙනෙක් කියන්නෙත් කලින් අපි වගේම මිනිස්සු කියලා දැනගන්න ලැබෙන්නෙ..

තමන්ගෙ තාත්තව මරන්නෙත් තමන්මයි කියලා දැනගන්න ලැබෙන්නෙ.. තාප්ප තුනෙන් එලියෙ තව මිනිස්සු ඉන්නවා කියලා දැන ගන්න ලැබෙන්නෙ.. ඒවගේම තමන්ගෙම යාලුවො තමන්ට Betray වෙද්දි, තව තව ප්‍රශ්න ගොඩක් ඇතුලෙ Eren ගිලෙද්දි, කාලෙත් එක්ක Eren තේරුම් ගන්නවා මිනිස්සු කියන්නෙම ‘කලු සුදු’ නෙමේ කියලා..

මේක තමයි Attack On Titan කතාවෙන් දෙන ප්‍රධානම පණිවිඩය.. මාරම Evil කියලා පේන කෙනෙක්ගෙන් වුනත් ඒකට හේතුව ඇහුවොත් එයාලා ගාව එයාලට රීසනබල් කියලා හිතෙන උත්තරයක් අනිවාරෙන් තියෙනවා කියලා අපිට මේ කතාවෙන් මාර විදියට පෙන්නලා දෙනවා.

දැන් ඔන්න කතාවෙ එකපාරටම එනවා Time Skip එකක්..

මේක තමයි කතාවෙ මම දැකපු හොඳම දේ.. මොකද මෙතන මාරම ඉන්ටරෙස්ටින්ම දේ තමයි අච්චර අපි සීසන් ගානක් තිස්සෙ දැක්ක Eren Jeager නෙමේ දැන් ඉන්නෙ..

සෑහෙන Emotionless, Gloomy ඒවගේම ප්ලෑන් එකක් අනුව වැඩකරන හෙන අමුතුම පොරක්..

මේකට හේතුව මොකක්ද? (කමෙන්ට් සෙක්ශන් එකෙන් බැනුම් අහන්නෙ නැතුව කියන්න අමාරුයි. මන්ගා එක කියවලම බලන්න කට්ටිය)

ඉතින් අපි දැන් ඇනිමේ එකේ දකින Eren ගෙ තියෙන්නෙ අර පොඩි කාලෙ හිටපු Eren ගෙ ලඟින්වත් යන්නෙ නැති පර්සනැල්ටි එකක්..

හැබැයි තාම අර නිදහස් වෙන්න තියෙන වුවමනාව.. සහ තමන්ගෙ උන් වෙනුවෙන්.. ඒකිව්වෙ Eldians ලා වෙනුවෙන් සටන් කරන්න තියෙන වුවමනාව Eren ගෙන් නැතිවෙලා ගිහින් නෑ..

හැබැයි දැන් Eren ඒකට ගන්නෙ වෙනම ඇප්‍රෝච් එකක්.. මට උදාහරණයක් දෙන්න කිව්වොත් මට කෙලින්ම මතක් වෙන්නෙ Dark Tv Series එකේ ඇඩම් ව.. 

මොකද Eren ගෙ දැන් මයින්ඩ්සෙට් එකත් මේකට ගොඩක් දුරට සමානයි..මේ වෙනකොට Eren ට ඒ අරමුණ ළඟාකරගන්න කරන්න ඕනෙ මොනවද කියන එක ගැන හොඳ අවබෝධයක් තියෙනවා.. ඒකට කැපකරන්න ඕනෙ මොනවද වගේම ඉමෝශනලි හිතන්නෙ නැතුව ලොජිකලි කරන්න පුලුවන් හොඳම දේ  කරන්න Eren Jaeger ගේ මයින්ඩ්සෙට් එක වෙනස් වෙලා තියෙන්නෙ මේ වෙද්දි..

අපි සීසන් 4 එකේදි දැක්කා Eren තමන්ගෙ යාලුවන්ගෙන් ඈත් වෙන්න දරන උත්සහය.. ඒවගේම අනිත් අයගෙන් වෙන්වෙලා ගෙවන ජීවිතය..

මේ ඉන්නෙ අර මිකාසා සහ ආර්මින් එක්ක කන්ද උඩ තියෙන ගහ ගාවට රේස් දිව්ව පොඩි කොලුවමයි කියන එක අමතක කරන්න එපා.

තාම මන්ගා එක කියවපු නැති අයට ඒක කියවන්න පෙළඹවීමක් විදියට පොඩි හින්ට් එකක් දෙන්නම්.. Eren Jaeger කොටු වෙලා ඉන්නෙ තාප්ප වලින් විතරක් නෙමේ.. ඊට වඩා ගොඩක්ම ප්‍රබල දෙයක් ඇතුලෙ Eren හිර වෙලා ඉන්නෙ..

ඉතින් සමහර විට අන්න ඒක අවබෝධවීමත් එක්ක Eren ටිකෙන් ටික දැන් ඉන්න තත්තවයට පත්වුනා වෙන්න පුලුවන්.

ඉන්ටරෙස්ටින්ම දේ තමයි..   ඉස්සර “අපි තමා හොඳ අය” කියලා හිතපු Eren ගෙ කටින්ම ” මම හොඳ මිනිහෙක් නෙමේ”  කියලා කියවෙන එක.

ඔව් ඒක හරි.. දැන් ඉන්න Eren කොහෙත්ම “Good” කියන කැටගරියට දාන්න පුලුවන් කෙනෙක් නෙමේ. මේ කතාවෙ ඉන්න දෙතුන් දෙනෙක් හැර කිසිම කෙනෙක් ඒ කැටගරි එකට දාන්න බෑ..

Eren දැන් ඉන්නෙ මේ සුදු සහ කලු අතර තියෙන කලු පාටට ටිකක් ළඟ තැනක..

හැබැයි Eren ට මේකට අනිවාරෙන් හේතු තියෙනවා.. කොටින්ම මේ Eren ට වෙන්න ඕනවට Badass චරිතයක් රඟපානවා නෙමේ කියන එක හොඳටම පැහැදිලියි..

ඒවගේම Yeager සහෝදරයො දෙන්නා.. ඒකිව්වෙ Zeke සහ Eren දෙන්නා එකතුවෙලා මොකක්ද කරන්න හදන්නෙ කියන එකත් කතාවෙ මාරම ආතල් ප්ලොට් එකක්. මොකද මේ දෙන්නම  මුලින් හිටියෙ තනිකරම විරුද්ධ පැති දෙකක,

Eren එල්ඩියන් වෙනුවෙන් සටන් කරද්දි Zeke සටන් කලේ Marley වෙනුවෙන්.. ඉතින් ලස්සනම දේ කියන්නෙ මේක දැන් වෙනස් වෙලා තියෙන විදිය.. මේ දෙන්නගේ ස්ටෝරිලයින් එකේ ඉස්සරහට වෙන්න තියෙන දේවල් ඊටත් වඩා ඉන්ටරෙස්ටින් කියලා නම් කියන්න ඕන..

අන්තිමට පොදු අරමුණක් වෙනුවෙන් සහෝදරවරු දෙන්නා එකතු වෙයිද? නැත්තන් දෙන්නම මුල ඉදන් තමන්ගෙ වාසියට එකිනෙකාව පාවිච්චි කරගත්තා විතරද? නැත්තන් මෙතන වෙන මොකක් හරි තියෙනවද?

කොහොමහරි මේ සහෝදරවරු දෙන්නගෙ ස්ටෝරිලයින් එකෙනුත් හොඳටම පේන්නෙ Eren ගෙ දැන් තියෙන සංකීර්ණ බව සහ උපක්‍රමශීලි බව..

ඉතින් අවසානයට කතාව කන්ක්ලූඩ් වෙද්දි මුලින් කතාවෙ පෙන්නපු සාමාන්‍ය කොලුගැටයා .. හිතාගන්න බැරි වෙනස් තින්කින් පැටර්න් එකක් තියෙන ලෙජන්ඩරි කැරැක්ටර් එකක් බවට පත්වෙනවා.. ඒ අර පොඩි කාලෙ තිබ්බ අරමුණ.. ඒකියන්නෙ තමන්ගෙ යාලුවො ආරක්ශා කරගන්න.. නිදහස් ලෝකයක් දකින්න තියෙන ආසාව ඒ විදියටම තියාගෙන..

කැරැක්ටර් ඩිවෙලොප්මන්ට් වලට උදාහරණයක් නම් මේ ඒකට හොඳම ඒවගෙන් එකක්.. මන් දකින විදියට ඇටෑක් ඔන් ටයිටන් එකේ දෙවෙනියට හොඳම කැරැක්ටර් ආර්ක් එක තිබ්බෙ Eren ට..

එතකොට පලවෙනියට කවුද?

මිකාසා..

ඒ කැරැක්ටර් එක බිල්ඩ් කරපු විදිය.. ලැබුන අවසානය ටොප් නොච්.. හැබැයි දැන්ම මිකාසා ගැන කතාකරන්න වෙලාව නෙමේ.. ඇනිමේ එකත් ආවම හෙමීට කතා කරමු.

Eren කොයි වෙලාවෙවත් Deplomat කෙනෙක් වෙන්න ගියේ නෑ. ඒකත් විශේෂයි. අපි දකින බහුතරයක් ඇනිමේ protagonist ල ඔයා කිව්ව ඔය ඕනිම කෙනෙක්ගෙ evilness එක justify කරන 1% chance එකක් හරි තියෙනවානම් ඒක ගැන සලකලා එයා එක්ක mutual place එකකට එනවනේ. Naruto ගෙ talk no jutsu එක asta ගෙ කතා එහෙම famous වුණේ මේ ගතිගුණය නිසා.

ඒත් දැන් මෙතන ගොඩක් political දෙයක්නේ යන්නෙ. ඇත්තටම තියෙන්නෙ වැරදි  අවබෝධයක් මත දිග්ගැස්සුණු war එකක්. මෙතන සාමන්‍යය ඇනිමේ character එකකින් වෙනස් වෙලා eren extreme වෙනවා. ඒ කියන්නෙ uncertainty එකක් ගන්නෙ නෑ සැකයේ වාසියක් දෙන්නෙ නෑ ඇනිත් පැත්තෙ එක්කෙනාට. සැබෑ ජීවිතයෙ react කරන විදියටම තමන්ගෙ අය වෙනුවෙන් extreme ම action එක ගන්නවා. For greater good නෙවෙයි. ඕකම නේද දැන් වෙන යුද්ධ ගොඩක වෙන්නෙත්. සමහට අරගලකාරී කට්ටියට ඒ අරගල වලට හේතු තියෙනවා කියල දැනගෙනත් තමන්ගෙ පැවැත්මට තමන්ගෙ දේශපාලන හේතුමත survive වෙන්න ගන්න ක්‍රියාවන් හින්දනෙ එක විදියකට යුද්ධ එහෙම පවතින්නෙ. එක හේතුවක් විතරයි හොඳේ මම ගත්තේ මේ AoT ට ගලපන්න. තේරෙනවා ද Eren ත් ඒ වගේ තීරණයක් ගන්න යන්නේ. මන්ගා එක කියවපු නැති අයට ඉස්සරහට හොඳටම පැහැදිලි වෙයි. මෙතන Eren Code Geass එකේ Lelouch ලඟටම එනවා. ඒත් එක තැනකින් ඒක වෙනස් වෙනවා. ඒක දැනගන්න වෙන්නෙ සීරිස් එකේ ඊළඟ කොටසෙදී.

අන්තිමට උඩ කිව්වා වගේ Eren වගේම AoT වගේම මේ අපේ ජීවිතයෙ මේ වගේ තත්ත්වයකට මුහුණ පාණ කවුරුවත් Black n White කියන්න බෑ. සම්හර විට එයාල Gray Characters වත් නෙවෙයි. ඉතින් Eren ගෙ Philosophy එක වෙනම subject එකක්. Iseyama පස්සෙ ඒකට සාධාරණයක් ඉටුකරාද් කියලත් වෙලාවටකට හිතෙනවා.

 අන්තිමට මට කියන්න තියෙන දේ තමා අර armin එහෙමත් කියන්නෙ මාකො විශේෂයෙන්ම කිව්වෙ මුල් සීසන් එකක

We did not even try to talk this out

Neither did Eren

ඉතින් මේ ගැන අපිත් එක්ක කන්වර්සේශන් එකක් හදාගන්න කැමතිනම් ඔයාලට පුලුවන් අපේ Hype Zone Exclusive Club ඩිස්කෝර්ඩ් සර්වර් එකට ජොයින් වෙන්න.. ඒකෙ ඊට අමතරව Hangouts, Specials, secret updates ඔක්කොම එක්ක ඔයාලට එකතු වෙන්න පුලුවන්..

ඒවගේම ඔයා වගේ ගීක්ස්ලා 10000කට වඩා දැනට එකතුවෙලා ඉන්න Hype Community එකටත් ජොයින් වෙන්න අමතක කරන්න එපා..

මේක ලිව්වෙ දුලා සහ තිලෝෂ දෙන්නම හොඳේ ❤

Thilosha Nipunajith

An Artist | Creator of Revival Webtoon Series Anime Man of Hype Family

This Post Has 2 Comments

  1. Kaveen

    ♥♥♥

  2. Kusal

    😍

Leave a Reply