You are currently viewing Demon Slayer ගැන නොදන්න දේවල්…

Demon Slayer ගැන නොදන්න දේවල්…

Demon Slayer එහෙමත් නැත්නම් Kimetsu no Yaiba කියන්නෙ මෑත කාලයේ අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වුණ Manga එකක්. ඒ වගේම ඇනිමේ එකක්. එතනින් එහාට ගිහිල්ල Anime GOAT Movie එකක් ලෙස සැලකෙන Spirited Away Dethrone කරලා මෙතෙක් බිහිවුණු වැඩිම ආදායමක් දිනපු ඇනිමේ මූවි එක Japanese Movie එක බවට පත්වුණ Demon Slayer Mugan Trainමූවි එකත් මේ Franchise එකේම කොටසක්. ඉතින් මෑතකදි Bluray එක පවා රිලීස් වුණ එකේ මට හිතුණා මේක ගැන පොඩි ලිපියක් ගේන්න. Review එකක් නම් නෙවෙයි. මොකද මේක ගොඩක් ලංකාවෙ පවා සෑහෙන Fan Base එකක් ඉන්න ශෝ එකක්. මේකෙ Philosophy පැත්තෙන් එහෙම Details දාල Review එකක් ලිව්වොත් ගොඩක් මන්ගා එක Spoil කරන්න වෙනවා. ඒ නිසා Demon Slayer ගැන පොඩි දේවල් ටිකක් මම කියාගෙන යන්නම්. ඒ කියන්නෙ සීරිස් එක Special වෙන්න හේතු ටිකක් වගේ. 🙂

අහ් ඒ වගේම අපේ Gravity Bro තමා මේක ගැන Idea එක දුන්නෙ. Review නැතත් මෙහෙම කරමු කියලා. එයාටත් තෑන්ක්ස් 😍

1. Magnificent Selling Record එක

Demon Slayer කියන්නෙ ලෝකෙ දැනට Best Selling Records තියපු මන්ගා එකක් තමා මේක. Over 150 Million Copies manga එකේ විකිණිලා තියෙනවා. 2016 ආපු මන්ගා එකක් මේක. සාමාන්‍යයෙන් මට මතක විදියට 100 million sales record තියෙන මන්ගා තියෙන්නෙ 20ක් විතර. මේ අවුරුද්දේ මුල් මාස හයේ වැඩිම sales ප්‍රමාණයක් තිබ්බ මන්ගා එකත් මේකම තමයි. ආපු මූවි එකත් ඒකට හේතුවක්. ඒ වගේම සතියක් ඇතුළත 1million sales පන්නලා Copies sold වුණ මන්ගා Chapters එකකට වඩා නිකුත් කරලා තියෙන්නෙ මේ වෙනකන් මන්ගා තුනක් විතර මම හිතන්නෙ. එකක් One Piece. දෙවනි එක AoT. ඊළඟට KnY.

ඒ වගේම Movie එක ගිය අවුරුද්දේ වැඩිම ආදායමක් හොයපු මූවි එක. ජපානෙ විතරක් නෙවෙයි ලෝකෙන්ම. Mortal Kombat, Godzilla vs Kong වගේ මූවිස් අස්සෙ තමා එහෙම රෙකෝඩ් එකක් තිබ්බේ. US වල පවා Best Opening Weekend එක පෙන්නපු මූවි එක තමයි මේ Mugan Train Movie එක. මුවි එකේ DVD Copies රිලීස් කරපු පලවෙනි දවසෙම Copies 487000ක් විකිණිලා තිබුණා. ඒ කියන්නෙ මන්ගා ඇනිමේ හැම පැත්තකින්ම Record Breaking වැඩක් තමා මේක.

Source Oricon

2. Animation Quality එක

KnY කියන්නෙ මහා Unique Art Style එකක් තියෙන මන්ගා එකක් නෙවෙයි. මේක Mangaka Gotouge කියන්නෙ පොඩ්ඩක් Face Similarity තියෙන ආට් ස්ටයිල් එකක් තියෙන කෙනෙක්. ඒ කියන්නෙ Character Designs එහෙම මහා mind blowing ගතියක් නෑ. එහෙම කියල අවුලක් නෑ. සෑහෙන උසස් මට්ටමක Art works ටිකක් මන්ගා එකේ බලාගන්න පුලුවන්. මම කියන්නෙ සාමාන්‍යයෙන් ඇනිමේශන් පැත්තෙන් next level වැඩ දාන ගොඩක් ඇනිමේ වල මන්ගා එකෙත් ආට් වර්ක්ස් mindblowing සාමාන්‍යයෙන්. හැබැයි මේකෙනම් Animation Quality එක next level. Ufotable ල තමයි ගේම ගහන්නෙ. Ufotable ලගෙ වැඩ ගැන දන්න අය දන්නවා සෑහෙන Quality Animation පෙන්නන standard anime productions එලියට දාන company එකක්. ඇනිමේ වල Animation Quality එකේ Signature එකක් කියල හඳුන්වන Fate/ Stay Night Heavens Trilogy එක එහෙම මෙයාලගේ. හිතාගන්න පුලුවන්නේ.

මේකෙත් Manga එකෙන් එහාට ගොඩක් ගිහිල්ලා next level animation වැඩ ටිකක් පෙන්නනවා මෙයාල.  මූවි එකේ Rengoku ගෙ final move එක, සීරිස් එකේ Tanjiro ගෙ flame dance move එක. ඔය වගේ සෑහෙන තැන් ටිකක් තියෙනවා ඇනිමේශන් අතින් මේක limits surpass කරපු. ඒකෙනම් තනි ගෞරවය ufotable ලට යනවා.👌👌👌

3. Music

මෑත කාලයේ Anime එකක් නිසා වැඩියෙන්ම Highlight වුණ Artist කවුද ඇහුවොත් KnY Opening එක කිව්ව Lisa ව හඳුන්වන්න පුලුවන්. අවුරුදු 10කට වැඩිය field එකේ හිටපු එයාව Demon Slayer Anime සීරිස් එකේ opening track එක වෙන Gurenge  එක කියන ආටිස්ට් විදියර ලේබල් වෙලා ඉවරයි එයා. ඒ කියන්නෙ අවුරුදු 10ක career එකේ එයාගෙ ගොඩක් Achievements Overshadow වෙලා මේ song එක නිසාම එයාව අඳුනගන්න අය ගොඩක් ඉන්නවා. කොටින්ම KnY නිසා එයාගෙ Social Media Followers ල 400%කින් වගේ වැඩිවෙලා තියෙනවා. සාමාන්‍යයෙන් Anime Opening Hit වුණ හැම අවස්ථාවකටම වඩා Artist ත් ඒක එක්කම hit වුණ සීරිස් එකට සමගාමීව එයාගෙ Fans ලත් grow වුණ අවස්ථාවක් කියලා මේක සලකන්න පුලුවන්. මේ Fans ල එකතුවෙන එකේ සැර බාල වෙන්නත් කලින් Mugan Train Movie එකට Hamura කියන track එක කරනවා එයා. ඒක අරකට හපන්ද මන්දා 😂

කෙලින්ම නතර වුණේ Japanese Chart වල No 1 වෙලා. Bottom Line එක තමා KnY වගේම lisa ත් දැන් ඒ Fan Base එකේම worship වෙන දෙයක් වෙලා ඉවරයි. 😍

AniRadioPlus

4. Storyline as an Emotional Roller-coaster

ඉස්සෙල්ලම කියන්නෙ KnY කියන්නෙ ලෝකෙ බිහිවුණු හොඳම මන්ගා එක හරි ඇනිමේ එක හරි නෙවෙයි. ඒ කියන්නෙ මේකෙ කතාව මෙතෙක් ඇනිමේ එකක බිහිවුණු හොඳම storyline එකත් නෙවෙයි. එහෙනම් මොකක්ද මේ කියන්න හදන්නේ🧐🧐🧐

KnY කියන මන්ගා එක ගොඩක්ම හිට් වුණේ මේ Emotional Ride එක නිසා කියලා කියන්න පුලුවන්. මේකෙ MC ල තුන්දෙනාම සෑහෙන්න Emotional තුන්දෙනෙක්. Tanjiro ගත්තම ගොඩක් warm heart එකක් තියෙන sensitive කෙනෙක්. Inosuke ගත්තම සෑහෙන්න reckless loud mouth එකක්. තමන්ගෙ confidence එක කෑ ගහල කියන ටයිප් ඩයල් එකක්. Zenitsu ගත්තම බයගුල්ලෙක් කියල තමන්වම underestimate කරන් ඉන්න එක්කෙනෙක්. ඒ කියන්නෙ Emotions එක්කම තමා කතාවම යන්නෙ. ඒ වගේම Storyline එක පටන් ගන්න Tanjiro ගෙ family එකේ death එකේ ඉඳලම ගොඩක් emotional deaths එහෙම සීරිස් එකේ තියෙනවා. මූවි එක නොබලපු මන්ගා එක නොකියවපු අය එහෙම ඉන්න නිසා මම වැඩිය නොකිය ඉන්නම්. 🤫🤫🤫

හැබැයි මේකෙ Deaths හරි මේ emotional දේවල් mangaka present කරන්නෙ Sadist කෙනෙක් වගේ නෙවෙයි. උදාහරණයක් විදියට AoT ගන්නකෝ. Literally Sadist කෙනෙක් වගේනෙ Iseyama ඒකෙ fans ල හිතපු නැති විදියෙ deaths එහෙන ගෙනල්ල දෙන්නෙ. තව NGE ගත්තම පට්ටම depressing. Berserk වගේ එකක් ගත්තම ඒකත් වෙලාවකට අපිව Disturb කරනවා. ඒ කියන්නෙ ගොඩක් මේ වගේ අපිව emotional කරන සීරිස් ගොඩක් ඒකෙ creators ල fans ලව එක විදියකටරිද්දන සීන් එකේ තමා ඉන්නෙ. මම කියන්නෙ නෑ KnY වල Deaths හරි මොනාහරි දුක හිතෙන්නෙ නෑ කියලා. හැබැයි ගොඩක් emotional දේවල් මේකෙ වෙන්නෙ ඒක explain වෙන ගමන්. ඒක ගැන reader ට බලන කෙනාට කතාව තුළම realise වෙන්න දෙන ගමන් අන්න ඒ නිසා මේකෙ creator Sadist type එකේ එක්කෙනෙක් කියන්න බෑ. අපිව අඬවනවා කියන්න පුලුවන්. හැබැයි ඒ ඇඬවීම තුළින් එක විදියක මේකෙ Characters වගේම අපිවත් Heal කරනවා එක පැත්තකින්.👌

5. Fandom

මේක ටිකක් විශේෂයෙන්ම කියන්න හිතුණා. MHA වලින් පස්සෙ ගොඩක් influencing විදියට අනිත් ඇනිමේ overshadow කරන ටයිප් ෆෑන්බේස් එකක් හැඳුණ තවත් සීරිස් එකක් තමා KnY. උදාහරණයක් විදියට ගත්තම මෑතකදි ජපානයේ teenagers ල ලවා සමීක්ෂණයක් කරල තිබුණා වැඩියෙන්ම තමන්ව අඬවපුඇනිමේ ගැන. එකට ආවෙ KnY. හැබැයි ඇනිමේ බලල තියෙන අය දන්නවනේ තව අපිව අඬවපු කොච්චර ඇනිමේ ඇතිද. මම කියන්නහදන්න යන්නෙ මේකයි. KnY කියන්නෙ මෑතකාලයේ ලංකාවෙ පවා Next Level Fandom එකක් හැදුණ ඇනිමේ එකක්. හැබැයි ඇනිමේ Culture එකම KnY එක්ක compare කරන්න හැම ඇනිමේ එකෙන්ම KnY වගේ දේවල් හොයන්න යන්න එපා. ඒකට limit වෙන්න එපා. KnY වගේම ඒ ඒ පැති වලින් ඉහළටම ගිය Underrated Anime ඕනි තරම් තියෙනවා. ඒ නිසා KnY සුපිරි ඇනිමේ එකක් වුණාට ඒක ඇනිමේ මනින නිදර්ශකයක් කරගන්න යන්න එපා. මම මෙතන KnY කිව්වට ඕනිඇනිමේ එකක් ඔතනට දාන්න පුලුවන්. මම KnY දැම්මෙ අනිත් ඒවට සාපේක්ෂව මේකෙ අපේ රටේ ෆෑන් බේස් එකක් ඉන්න නිසා. ඇනිමේ ගත්තම විවිධත්වයකින් බලන්න. එකකින් බලපු experience එකමගන්න තව එකක් බලන්න එපා. මොකද අන්තිමට ඔයාවමයි Disappoint වෙන්නෙ. ඔයා එහෙම ඇනිමේ එකක්බලල ඒකම වගේ එකක් බලන්න හිතාගෙන බැලුවට ඒක හදන අය හදලා තියෙන්නෙ ඒක වෙනම දෙයක් ඔලුවෙ තියාගෙන. ඉතින් ඔය වගේ Mislead වෙන දේවල් කරන්න යන්න එපා. ඇනිමේ වල variety එක open minded විදියට විඳින්න.🙂

PS : කියන්නම ඕනි කියන්නම බැරි point එකක් තියෙනවා. ඒක තමයි මේකෙ Philosophy side එක. කොටින්ම Japanese Culture ර්ක වගේම සෑහෙන්න Buddhism Influence වුණ සීරිස් එකක් තමා මේක. මට ඒකට උදාහරණ දෙන්නනම් මන්ගා එකට යන්න වෙනවා. ඒක මේක කියවලා නැති අයටපට්ට අසාධාරණයක් නිසා මම මෙතන ඒක මගහැරෙන්න දුන්නා. සරලවම කිව්වොත් KnY කියන්නෙත් මාර Religious Base එකක් foundation එකක් කරගත්ත සීරිස් එකක්. ගොඩක් අපි බෞද්ධාගම තුළ අහන දකින දේවල් ඇසුරෙන් වෙනම Approach එකක් සීරිස් එකට ගන්නවා මෙයාල. ඒකත් කියන්නම ඕනි. වෙනම ලිපියක් ගේන්නම් ඒකට.

තවත් ලිපියකින් හම්බවෙමු. KnY Fans ල කියාගෙන යමු KnY වල ඔයාලගෙ මතය….

තව මේ වගේ ලස්සන ලිපි කියවනන් අපේ Hype Zone  page එකටත් සෙට් වෙන්න

ඒ වගේම geek දේවල් ගැන කතා කරන්න දන්න දේවල් share කරගන්න අපේ HYPE Community සෙට් වෙන්න

Thilosha Nipunajith

An Artist | Creator of Revival Webtoon Series Anime Man of Hype Family

This Post Has One Comment

  1. Kusal

    😍

Leave a Reply to Kusal Cancel reply