අද ගේන ලිපිය ලියන්න වචන හොයාගත්තෙත් පට්ට ගේමක් දීලා. මේ කියන ඇනිමේ එක බලල උන් හිටි තැන් අමතක වෙලා බලාගත්ත අත බලන් ඉන්න වුණා පැය ගාණක්. ඒ තරම් Powerful Ending එකක් තියෙන්නෙ. එහෙනම් අද කතාකරන්න යන්නෙ ලෝකෙ දැනට Underrated Anime අතරින් එකක්. ඒ තමයි Babylon.
මේක පටන් ගන්න කලින් මම මෙහෙම දෙයක් අහන්නම්. ජීවිතය ගලායන්නෙ කොහොමද කියල මම ඔය කාගෙන් හරි ඇහුවොත් ඔයා උත්තරය මොකක්ද? ඔයා සමහරවිට මෙහෙම කියයි. ජීවිතය ගලා යන්නේ අපි ජීවිතේ ගන්න එක එක තීරණ මත. Choices මත. ඒත් මෙහෙම හිතන්න අපි මේ කියන අපේ තෝරාගැනීම් තීරණ මත ගතවෙන ජීවිතය පටන්ගන්න තිරණයත් අවසන් වෙන තීරණයත් කියන මේක මේ හැම මගුලම වෙන ජීවිතේ ආරම්භය සහ අවසානය අපිට තීරණය කරන්න බෑ නේද. අපිට වෙන කෙනෙක්ගෙ ඔය අවස්ථා තීරණය කරන්න පුලුවන්. ඒත් තමන්ගෙ බෑ. මේ Irony එක තේරෙනවද?
මේ කතාමාලාව තීරණය වෙන්නෙ ඔන්න ඔය කියන concept එක මත. අපිට අපේ උපත choice එකක් නෙවෙයි. ඒත් අපේ ජීවිතයෙ අවසානය ගත්තම ඒ කියන්නෙ මරණය කියන දේ ගත්තම ඔය අදාළ End එක ගැන චොයිස් එක ගන්න සමහරු ඉන්නවා නේද. ලංකාවෙ අපිට ඔය නිතරම අහන්න ලැබෙන්න News වල එහෙම.ඔව් තමන්ගෙ ජීවිතය අවසන් කරගැනීමේ තීර්ණය තමන් විසින්ම ගැනීම.
ඔන්න ඔය තීරණය අපිට හිතුණ හිතුණ විදියට ගන්න බෑනෙ. මනෝවිද්‍යාත්මකව ඔය සිතුවිල්ල අපිට එන වෙලාවෙ අපේ conditions මේවා වෙන්න පුලුවන් මෙන්න මේ හේතු නිසා ජීවිතය එපාවෙන්න පුලුවන් කියන දේවල් පෙන්නල දීලා ඔය තීරණය තනියම කෙනෙක්ට අරන් ක්‍රියාත්මක කරන්න නුසුදුසු එකක් කියන එක පෙන්නල දීල තියෙනවා. ඒ තීරණය අරන් ඇතිවෙන්න පුළුවන් ව්‍යාකූල තත්ත්ව ආපහු Recover කරගන්න බැරි හානිය වලක්වන්න නීති එහෙමත් සම්පාදනය කරල තියෙනවා. ඒත් මම මේ කියන ඇනිමේ එකේ කතාව පදනම් වෙන්නෙ ඔය තමන්ගෙ ජීවිතයේ අවසානය තමන්ටම තීරණය කිරීමේ අවස්ථාව ඔයාට ලැබුණොත් නීතිමට බාධාවක් නැතුව ඇත්තටම ඕක ඔය තරම් බයවෙන්න ඕනි දෙයක්ද කියන එක ගැන. Free Will කියන එක ගැන ඔය Matrix, Westworld වගේ ලෝක ප්‍රසිද්ධ Franchise වල කතාකරන්නෙ. අන්න ඒ Free Will එක ගැන වෙනම අලුත් Perspective එකකින් කතාකරන සීරිස් එකක් තමයි Babylon.
ඉස්සෙල්ලම කියන්න ඕනේ ඔයා ගොඩක් sensitive කෙනෙක් නම් ඔයා depressing ending වලට කැමති නැති කෙනෙක් නම් මේක බලන්න එපා. මම කියන්නෙ මේක හරියට බලපු කෙනෙක්නම් තමන් ජීවිතේ ගැන දකින විදිය උඩුයටිකුරු කරන්න තරම් Powerful Msg එකක් දෙන සීරිස් එකක් මේක. ඒ නිසා වෙනදා වගේ මේ සීරිස් එක බලන්නම කියලා අද මම කියන්නෙ නෑ. ඒක ඔයාට භාරයි.
කතාවෙ වෙන්නෙ මෙහෙම සිද්ධියක්. ජපානෙ තියෙනවා මේකෙ හැටියට Shinki කියල District එකක්. ඒක ඒක පිහිට වෙලා තියෙන්නෙ ඔය එකේක නීති සම්පාදනය කරද්දි මුළු රටටම බලපාන නීතිය ස්ථාපනය කරන්න කලින් මේ දිස්ත්‍රික්කයේ ඒ නීතිය යොදවලා බලනවා Experiment එකක් විදියට. නීති විතරක්නෙවෙයි constitution changes, පරිපාලන වෙනස්කම් එහෙමත් ලොකු ව්‍යුහයට දාන්න කලින් මේ පොඩි district එකේ කරල බලනවා කොහොම වේවිද කියලා. ඔන්න ඔය District එකේ ඉන්න Prosecutor කෙනෙක් ඉන්නවා Zen කියලා. එයාට ඔය සැකසහිත සියදිවි නසාගැනීම් ගැන Case වගයක් සෙට් වෙනවා. බලනකොට මේක පිටිපස්සේ මේ කේස් පිටිපස්සේ ඉන්නවා AI Magase කියලා mysterious ලේඩි කෙනෙක්. මේ කතාව බැලුවට පස්සේ ඔයා fictional history වල දැක්ක සුපිරිම villain කෙනෙක් විදියට මෙයාවත් ඒ ලිස්ට් එකට දමාවි. ඉතින් සෙන් හොයාගන්නවා මේ සියදිවි නසාගැනීම් පිටිපස්සේ ඉන්නේ මේ ගෑනු කෙනා කියලා එයා ඒක ඒක කරන්නේ කොහොමද කියන එක දැනගන්න නම් මේ සීරිස් එක බලන්නම වෙනවා. මොකද episodes 12ක mini series එකක් වෙන මේක ඔය වගේ important දෙයක් මෙතන spoil කරොත් මේක බලල වැඩකුත් නෑනේ. මේ කේස් එක investigate කරන අතරේ shinki වල අලුතෙන් පත්වෙන නගරාධිපතිතුමා නීතියක් ගේන්න යනවා මෙය සියදිවි නසා ගැනීම් වලට තියෙන තහනම අයින් කරල. ඒ කියන්නේ ඕනේ කෙනෙක්ට තමන්ගේ ජීවිතය තමන්ගේ තිස් වෙලාවක තමන්ට කැමති විදියට අවසන් කරගන්න පුළුවන්. ඒකට එයා මේ ගෑනු කෙනාගේ සපෝට් එක ගන්නවා.
මෙතන වෙන සිද්ධිය පැහැදිලිනේ. Zen දන්නවා අර සියදිවි නසාගැනීම් පිටිපස්සෙ මේගෑණු කෙනා ඉන්නවා කියලා. ඒත් ඒවා සියදිවි නසා ගැනීම් නිසා මෙතැන ලොකු කේස් එකක් එයාට විරුද්ධව දාන්න Zen ට බෑ. Zen ට AI කියන්නෙත් එක්තරා විදියක මිනීමරුවෙක්. ඒත් නගරාධිපතිතුමාට එයා savior කෙනෙක්.
දැන් ඔයා හිතනවා ඇති මේකෙ මොකක්ද කතා ඔය වගේ පිස්සුවක් නටන්න මොන රටේ ද ඉඩ දෙන්නේ. කොච්චර unrealistic කතාවක්ද මේක කියලා. ඒත් ඔය නිතිය සම්මතකරගන්න කරන Debate එකක් එහෙම තියෙනවා. ඒකෙ කියන ටික ඇහුවම ඔය කියන චෝදනාව පුස්සක් වෙනවා. ඔය සියදිවි නසාගැනීම් කියන දේ ගැන කොච්චර මේකෙ කතාවෙනවද කිව්වොත් මැලේසියාවෙ එහෙම මේ සීරිස් එක තහනම් කරලා මේ සීරිස් එකයන කාලෙදි. මොකද කතාවෙ අවසානය දන්නෙ නැතුව මේක බලන්න දෙන එක ඇත්තටම Risk එකක්. මොකද බලන කෙනාට මොන වගේ පණිවිඩයක් ගිහින් නතරවෙයිද කවුද දන්නෙ. මේ වගේ සීරිස් එක එතකොට තේරෙනවනෙ තියෙන බරපතලකම.
මේ series එක ගත්තම ගොඩක් violent. ඒ කියන්නේ කපන කොටන සීන්මත් නෙවෙයි මේකෙ ඔය සාමාන්‍යයෙන් අපි violent කියලා සලකන දර්ශන ගොඩක් emotionally අපිව බ්‍රේක් වෙන විදිහට තමයි ගේන්නෙ. එක දිගට බලන්නනම් ටිකක් අමාරුයි. ඒ නිසා දැන්ම ඒවගේ emotional breakdown එකකට සූදානම් වෙලා බලනවා නම් බලන්න. මං කිව්වනේ මේ ලිපියෙදි මම මේක බලන්නම කියලා කාටවත් කියන්නේ නෑ.
එහෙ වගේම මේ සීරිස් එකේ ගොඩක්ම තියෙන්නේ script එකෙන් ගහපු ගේමක්. මේකෙ fights යන්නේ verbally. වචන භාවිතයෙන් තමයි මේකෙ creator මේ ඔක්කොම වැඩ කිඩ ටික දාන්නේ. කොටින්ම මේකෙ තියෙනවා Zen AI ව interrogate කරන සීන් එකක්. ඒක සාමාන්‍යයෙන් ලෝකේ හොඳම interrogation scenes අතර ඉහලින්ම තියන එකක් විදියට සලකනවා. ඒ වගේම මම කලින් කිව්වා වගේ අර debate එක. ඊට පස්සේ මේ නීතිය සම්පාදනය වෙනකොට ඔය ලෝක බලවතුන් වගේ ඉන්න රටවල් නිකන් ඉන්නෙ නෑනෙ. එයාලත් මේක ගැන කතා වෙනවා. එතනත් මරු සෙයි අපේ ඔය මම කලින් කිව්ව මාතෘකාව මම කලින් කිව්ව මාතෘකාව ගැන විවිධ perspective වලින් විවිධ තරාතිරම්වල අය ජීවිතයේ දකින හැටි ජීවිතයේ වටිනාකම එයාලට දැනෙන හැටි ගැන කරන සංවාද වලින් තමයි මේ කතාව ගොඩක්ම ඉස්සරහට යන්නේ. ඒ අතරතුර මෙතන හොරා පොලිස් සෙල්ලමක් වගේ එකකුත් යනවා. මම කිව්ව වගේ ටිකක් සංවේදී දර්ශන තියෙන ජවනිකා ඒ වගේම suspense thriller එක උපරිමයෙන් තියෙන ජවනිකා එහෙමත් මේ කතාව පුරාවටම තියෙනවා. episode 12 ක් ඇතුලත මේ හැම පැත්තම බැලන්ස් කරලා බලන කෙනා වත් breaking point එකකට ගේන්න තරම් මේකෙ creator දීලා තියෙන effort එක නම් top notch.
මේ සීරිස් එක බලද්දි මේකට inspire කරගෙන තියෙන දෙයක් තමයි Fincher ගෙ Seven Movie එක. මේකෙ මුල් නිර්මාණය සිද්ධවෙන්නේ රචනය Mado Nozaki අතින් සහ illustrations Zain කියන ආටිස්ට් අතින්. 2015 දි Release වෙන්නෙ. මේකට මන්ගා adaptation එකක් එනවා 2019 දි Nobuhide Takishita අතින්. අන්න ඒක පදනම් කරගෙන ඒ අවුරුද්දෙම මේකේ anime සීරිස් එකක් release වෙනවා. මේ කොටස් 12කින් සමන්විත මිනිසීරිස් එකක් විදියට.
මේකේ චරිත ගත්තම මහ ගොඩක් නෑ. ඒ තියෙන සීමිත චරිත දාන මාර effective විදියට use කරලා තියෙනවා. ඒවගේම කියන්න කැමති මේකෙ favorite චරිතයක් නම් තියාගන්න එපා මේක බලනකොට. මොකද ඒ චරිතයට වෙන දේවල් ගැන වගකියන්න බෑ. ඔන්න දැම්ම warning එකක් දුන්න. ඒ වගේම චරිතවල background එකටත් වඩා එයාලගේ mind එක වැඩ කරන හැටි තමයි මේ සීරිස් එකෙන් ගොඩක් ෆෝකස් කරලා තියෙන්නේ. charactors වල runtime එක අඩු වුණාට එයාලා අතර තියෙන බොන්ඩ් එක ඒ සීමිත කාලය ඇතුලෙ ලස්සනට පෙන්නල තියෙනවා. ලොකුවටම development එකක් එළ පෙන්නන්න පුළුවන් මේකෙ protagonist වෙන zen ගෙන් විතරයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. අනිත් charactors එයා වටේ ඉන්නවා මිසක් ලොකු character arc එකක් නෑ හැබැයි ඒකෙන් කියන්නේ නැහැ මේ character fiiller charactors වගේ weak කියලා. US President ගෙ buildup එකඑහෙම next level. ඒ වගේම මේකෙ villain ගැන කලින්ම කිව්වනේ. පට්ටම mysterious character එකක්.
මේක ඇනිමේෂන් එහෙමත් ඉතාම ඉහල මට්ටමක තියෙනවා. මේකෙ ගොඩක් action sequences නැහැ. ගොඩක්ම තියෙන්නේ charactors වල inner struggle එක සහ verbal conflicts. ඒ වගේම මම කලින් කිව්ව violent සීන් වල එහෙම මාර convincing විදියට animate කරලා තියෙනවා.
Music එහෙමත් සුපිරි. මේකේ suspense thriller + mystery ගතිය උපරිමයටම දැනෙන score එකක් යූස් වෙනවා.
සීරිස් එකේ කතාව ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ලිමිටඩ් සීරිස් එකක බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉහළම මට්ටමේ ස්ටෝරි එකක් තියෙනවා. storස්ටෝරි එකේ ආරම්භය වගේම ඉස්සරහට යන එක සහ mind-blowing අවසානය දවස් ගණනක් උනත් කතා කරන්න පුළුවන්. Twists තියෙනවා බර ගාණක්.
අන්තිමට overall සීරිස් එක ගත්තම මේක පොඩ්ඩක් underrated. ඒ කියන්නේ මේකෙ theme එකම ටිකක් controversy එකක්. ඒකත් මේකේ ගොඩක් දේවල් බලන කෙනාට open ඒ කියන්නේ බලන කෙනාට තීරණය කරන්න දීලා තියෙන නිසාය්හ් සහ අන්තිමට මේකෙ විලන් character එකේ එහෙම තියෙන mysterious ගතිය වැඩි හින්දත් මේකෙ ratings එහෙම අඩු වුණා කියලා මට හිතෙනවා. මොකද මේකෙ විලන් කොච්චර perfect වුණත් එයාගෙ background එක reveal කරනවා බොහොම පොඩ්ඩයි. සාමාන්‍යයෙන් මේ වගේ ෂෝ එකක ඔය වගේ දේවල් ගොඩක් හයිලයිට් වෙනවා long run සීරිස් එකකට වඩා. ඒත් පට්ට critics ල acclaim කරපු ඇනිමේ එකක්. Viewers ල කෙසේවෙතත් විචාරක ප්‍රතිචාර ඉහලින්ම දිනා ගත්ත සීරිස් එකක්.
ඉතින් අද ගෙනාපු සීරිස් එක බලන්නම කියලා මම කියන්නේ නෑ. මොකද මේකේ තියෙන මැසේජ් එක බලන කෙනා කොහොම ගනීවිද කියන එකවත් බලන කෙනාට මේක කොහොම දැනේවි ද කියන එකවත් මට හිතාගන්න බැරි නිසා. ඒ නිසා කැමතිනම් බලන්න. ජීවිතය ගැන හිතන විදිහ දකින විදිහ සම්පූර්ණයෙන් උඩුයටිකුරු කරන්න පුළුවන් නිර්මාණයක්. ඇනිමේ වලින් කරන්න පුළුවන් powerful impact එක පෙන්නන්න පුළුවන් පුලුවන් හොදම උදාහරණයක්.
එහෙනම් අද ලිපිය අවසානයි. මේක බලපු අය ඉන්නවනම් බලපු නැති අයට කියන්න දෙයක් තියෙනවා නම් කියාගෙන යමු. ඒ වගේම මේ වගේ ඇනිමේ විතරක් නෙමෙයි ගොඩක් වැඩිය කතා වෙන්නේ නැති මාතෘකා ගොඩක් ගැන අපි අපේ hype community එකේ කතා වෙනවා. ඒකටත් සෙට් වෙන්න.
එහෙනම් ඔබට ජය. තවත් මේ වගේම ලිපියකින් හමු වෙමු.
PS: ඇනිමේ විතරක් නෙවෙයි ලෝක සිනමාවේ Stepping Stones ගැන Marvel DC Middle Earth Fandom ගැන Kdrama ගැන තව මේ වගේ ලස්සන ලිපි කියවනන් අපේ Hype Zone page එකටත් සෙට් වෙන්න.
ඒ වගේම Geek දේවල් ගැන කතා කරන්න දන්න දේවල් share කරගන්න අපේ HYPE Community සෙට් වෙන්න