You are currently viewing ලෝකයේ හොඳම ඇනිමේ එකද මේ ?

ලෝකයේ හොඳම ඇනිමේ එකද මේ ?

Dulwin bro ගෙ ඉල්ලීම මත ලියන ලිපියක් මේක. එයාට මගේ ස්තූතිය ඉස්සෙල්ලම පිරිනමන්න කැමතියි.. ❤

මොකද මගෙ Favourite Show එකක් දිහා එක එක Aspect වලින් ආපහු බලන්න මට අවස්තාවක් ලැබුණා ඒ නිසා. අරිගතෝ Dulwin Bro..😍🌎

මේ දවස්වල Anime Community එක රත් වෙලා තියෙන්නෙ AoT Final Season එක Episode by Episode Record Break කරගෙන Release වෙන අතරෙ. අවුරුදු ගාණක් MAL වල Most Completed Series එකෙ වෙච්ච Death Note වත් පහුකරගෙන AoT Most Complete Anime Series of All Time වෙනවා. ඒ අස්සෙ මේ සීසන් එකේ එපිසෝඩ්ස් කිහිපයක්ම 9.9 IMDB Rate වෙනවත් එක්කම 9.9 Rate වෙච්ච Episodes 7ක සාඩම්බර හිමිකාරිත්වය AoT එක සතුවෙනවා. මේක සාමාන්‍ය Fan Votes වලින් විතරක් ආපු දෙයක් නෙවෙයි. අන්තිම ටිකේ AoT බලපු අය දන්නවා Episodes වල Quality එක.❤

එතනින් එහාට ගිහිල්ල දැන් AoT ඊළඟට Overtake කරාවි කියල කවුරුත් කියන දේ තමයි අවුරුදු ගාණක් MAL වල Hightes Rated Anime එක වෙලා තිබුණ Full Metal Alchemist: Brotherhood එකේ Top Rank එක. මේක තමයි දැන් යන ලොකුම Discussion එක. අද ලිපියෙන් මම කතාකරන්න යන්නෙ හෙට අනිද්දා Crown එක Drop වෙන්න නියමිත (නැතිවෙන්නත් පුළුවන් හැබැයි) FMAB Anime Series එක.🙏

අපේ කතාවෙ වීරයා Edward Elric. තමන්ව අම්ම එක්ක තනිකරලා දාල ගිය තාත්ත ගැන දුක්වෙන ගමන් Alchemy එහෙමත් නැත්නම් එක එක Elements Control කරන Science එක(සරලවම කිව්වොත්)  ගැන තමන්ගෙ සහෝදරයා එක්ක හරි හරියට Study කරලා ලෝකෙ බිහිවෙච්ච ලාබාලතම Alchemist කෙනෙක් වෙනවා. 😍

Image Credits: Double Sama

ඒත් අවාසනාවක මහත !!! ඒ සාර්ථකත්වය බලාගෙන දිගටම ජීවත් වෙන්නෙ එයාගෙ අම්ම Trisha පුළුවන් වෙන්නෙ නෑ. ඇය අසාධ්‍ය වෙලා මියයනවා. Edward ට මේ අහිමිවීම දරාගන්න බැරිවෙනවා. එයා තමන් ප්‍රගුණ කරපු අල්කෙමි විශයේ සම්මතයන් අබිබවා ගිහිල්ල තමන්ගෙ අම්මාව මරණයෙන් ආපහු ගෙන්වන්න උත්සහ කරනවා. නමුත් ඒ වෑයම කෙලවර වෙන්නෙ තමන්ගෙ සහෝදරයා, Alponso ගේ ශරීරයත් තමන්ගෙ අතකුත් අහිමි කරවමින්.🙏

ඔන්න ඕකයි Episodes 64ක් පුරාවට අපිව ගෙනියන Jouney එකට Based වෙන සිද්ධිය. Spoil වුණා කියන්න නම් එපා. Series එකේ මුල් විනාඩි 10 ඇතුළත වගේ ඕක ඔයාට කියනවා. මේක තමයි කතාවෙ Foundation එක. එතන ඉඳන් දිගහැරෙන්නෙ සෑම අතින්ම පරිපුර්ණ ඇනිමේ සීරිස් එකක්. Negative Points නැති තරම්.

මම ඇයි කියල විස්තර කරන්නම්. එතකොට ඔයාලට තේරේවි මේක ඇයි GOAT වුණේ කියල.🙂😎💯

පළවෙනි දේ Story එක.

පට්ට Buildup වුණ Backstory + History එකක් එක්ක මේ ඇනිමෙ එක මාරම දෙයක් එපිසෝඩ්ස් 64ක් ඇතුළෙ කරනවා. මේකට ගහන්න මෑත කාලයේ Rich History + Background එකක් දකින්න ලැබුණ ඇනිමෙ එකතමයි AoT. ඒ කියන්නෙ එකී මෙකී නොකී හැම තැනක්ම Timeline එකක් විදියට ගලාගෙන යන හැටි අපිට Limited Episodes ගාණක් ඇතුළෙ පෙන්නනවා. FMAB හැරෙන්න Plot Holes අඩුවෙන් තියාගෙන මේක කරපු Limited Series එකක් නැති තරම්. මේ ශෝ එකේ දාන සෙල්ලම් ටික දාන්න සාමාන්‍යයෙන් එපිසෝඩ්ස් 100+ තියෙන්න ඕනි කියන එකයි මගේ මතය. හැබැයි මේ Show Creators ල මරුවට මේක Create කරල තියෙනවා කිසිම දේක අඩුවක් නැතුව.❤

Storyline එක ඉස්තරම්. ඔයා හොයන්නෙ මොකක්ද ඒක මේ Show එකේ තියෙනවා. Inspiration Moments, Motivation වෙන්නෙ දේවල්නම් හොයන්නෙ මේක ඔයාට. Badass Fights හොයන අයට කියාපු සීරිස් එක. Romance පැත්තත් ලස්සනට ටච් කරල තියෙනවා. Plot Twists එමටයි. Character Development Next Level. Scar ගෙ Character එක.Greed එහෙම Developing Next Level. Comedy නම් තියෙනවා මදි නොකියන්න. බඩ අල්ලන් හිනාවෙන්න පුළුවන්. ඒ වගේම Dark Vibe එක උපරිම වෙන Tragic Deaths එහෙමත් තියෙනවා සෑහෙන්න. ඒ වගේම මම මෙතෙක් බලල තියෙන 100% Satisfied Ending එකක් ලැබුණ Shows වලින් එකක්. ඒ නිසාම Highly Recommended.😮

දැන් තේරෙනවානේ මේකෙ Story එක ගොඩක් දේවල් වල එකතුවක්. හැබැයි ඒ එකතුව අච්චාරුවක් වෙලා නෑ. මාර ලස්සනට ගලපලා තියෙනවා. අමතක කරන්න එපා මේ සෙල්ලම් ඔක්කොම එපිසෝඩ්ස් 64ක් අස්සෙ දාන්නෙ. Naruto, OP, Bleach, HxH එහෙමත් මේක කරන්න ඇති හැබැයි ඒවගෙ Fillers ගාණ Special Episodes ගාණ එහෙම මතක ඇතිනේ.⚡

Music

මම ඕනිම Show එකක් Judge කරන ප්‍රධාන දෙයක් තමා Music. මේකෙ Music නම් 👌👌👌. Top Notch. එච්චරයි කියන්න තියෙන්නෙ. Again, Golden Time Lover වගේ Opening Tracks වගේම Shunken Sentimental වගේ ගොඩක් ඒ කාලෙ Trending වෙන Themes මේ Show එකේ තමයි. ඒ වගේම OST ත් සුපිරිම සුපිරි. Score එකේ කිසිම අඩුපාඩුවක් නෑ.🙏

Action Sequences, Cinematography

බලන්න Castlevania එකේ Animator කෙනෙක් කරන interview එකක එයා කියනවා FMAB නිසා එයාගෙ Animation වලට එයා ගත්ත Inspirations. ඒකෙන්ම මේකෙ Production Quality එක හිතාගත හැකිනේ. එතනින් එහාට ගිහින් මාරම Badass Fights තියෙන Show එකක්. Roy Mustang vs Lust Moment එකේ එහෙම පොරව පෙන්නන තැන Color Pallet එක එහෙම මාරම මාරයි. සුපිරියක්. 💯

Martial Artist ල Positively React කරන Anime අතරින් ඉහළින්ම තියෙන Martial Art එකක් Based නොවුණ ඇනිමේ එකක්. Of Course Hajime no Ippo වගේ Accurate Movements, Body Languages හරියට Use කරපු Anime එකක්. ඒකත් මේකෙ Quality එල සියදහස් ගුණයකින් වැඩිකරා කිව්වොත් හරි.🌎

Manga Adaptation එකක් විදියට ගුණාත්මකභාවය

මේක තමයි ගොඩක්ම FMAB Fans ල Attract කරගන්න මූලිකම හේතුව. මොක්ද මීට කලින් Full Metal Alchemist Anime එකක් Release වෙනවා 2003 දි. නමුත්  Hiromu Arakawa ගෙ මන්ගා එකෙන් මේක යම් යම් තැන් වල පිටපැන්නා. නමුත් මේක ගැන ෆෑන්ස්ල Disappoint වුණා කියන්නනම් බෑ. ඇත්තටම Brotherhood එකට වඩා FMA මුල් සීරිස් එක හොඳයි කියන අයත් සෑහෙන්න ඉන්නවා. 2003 Show එක නරක එකක්නම් නෙවෙයි හොඳේ. Arakawa ගෙ ඉල්ලීමක් මත තමා Ending එක එහෙමත් වෙනස් කරල තියෙන්නෙත්. නමුත්  Brotherhood Series එක Manga එකේ 1:1 Adaptation එකක් වීම මේක ඉහළ ජනප්‍රියත්වයක් ලබාගන්න හේතුවුණා. මේක Release වෙන කාලෙදි මුල් එපිසෝඩ්ස් 14ක් විතර යනකම් වගේ Mixed Feedbacks තමයි ගොඩක් අයගෙන් හම්බවෙලා තියෙන්නේ.🤔

ගොඩක් අය කලින් ඇනිමෙ එක එහෙමම Repeat කරන්න යනවා කියල එහෙම දොස් කියල තිබුණා. නමුත් ඊට  පස්සෙ ඒව නැත්තටම නැතිවුණා. මොකද කලින් සීරිස් එකට වඩා ගොඩක් දේවල් මේකෙ Story එකේ Unique ගතියෙන් විතරක් නෙවෙයි Action පැත්තෙන් වගේම Drama පැත්තෙන් ගාණට මිම්මට බැලන්ස් කරල ලස්සන Show එකක් තමයි එලියට ආවෙ. ඒක Feel වෙන්න පොඩ්ඩක් Show එක මැදක් වෙනකන් ඉන්න වෙනවා. ඔයා FMA බලල Brotherhood නොබලපු කෙනෙක් නම් මම මේ කිව්ව එක ඔයාට වැදගත් වෙයි. 🔥

ඉතින් FMAB එක ඔය වගේ හේතූන් මත තමා දැනට GOAT විදියට MAL එකේ වගේම IMDB එකෙත් Highest Rated Anime එක වෙලා තියෙන්නෙ. අපි බලමු ඉස්සරහට මේක කොහොම AoT Surpass කරාවිද කියලා. මොකක් List එකේ 1st ගත්තත් කියන්න තියෙන්නෙ මේ Shows දෙකම ඒ Place එක Totally Deserved කියල තමයි. ඒ නිසා මේ Shows දෙක Compare කර කර අනිත් ශෝ එක පහතට දාන්න යන්න එපා. Toxic වෙන්න එපා කියන ඉල්ලීමත් කරන්න කැමතියි. ඉතින් මේ Show එක අනිවා බලන්න. ඔයාගෙ All Time Favourites වලට අනිවාර්යයෙන්ම එකතු වේවි.🖤

එහෙනම් Until Next Time

ඔයාලා මේ ලිපියෙන් යම් කිසි දෙයක් රසවින්දා කියලා හිතනවානම් අනිවාර්‍යයෙන්ම තව කෙනෙක් එක්ක ශෙයා කරන්න අමතක කරන්න එපා..👍 ඇනිමේ ගැන මේ වෙනකොට අපි එක එක පෝස්ට් කිහිපයක්ම දාලා ඇති..මීට අමතරව තව ලිපි ඕනෙද ? එහෙනම් ඉක්මනින්ම කමෙන්ට් එකකින් ඔයාලාගෙ අදහස් ඉදිරිපත් කරන්න අමතක කරන්න එපා..🌎

ඔබට ජය

තිලෝෂ නිපුනජිත්

ඇනිමේ ගැන වගේම ගොඩක් ෆැන්ඩම් ගැන කතා කරන්න එකතුවෙන්න අපේ HYPE Community  ගෲප් එකට..💯

#anime #fullmetalalchemist

Thilosha Nipunajith

An Artist | Creator of Revival Webtoon Series Anime Man of Hype Family

Leave a Reply