You are currently viewing බලන්න හොඳ ඇනිමේ 8ක්…

බලන්න හොඳ ඇනිමේ 8ක්…

අද පෝස්ට් එකෙන් අපි හිතුවා එක එක්කෙනාගෙ Taste අනුව ගොඩක් කට්ටියට Recommend කරන්න පූළුවන් ඇනිමේ 8ක් ගැන. මේකෙ ඇනිමේ ටික All Time Top 8 ඒවා එහෙම නෙවෙයි. හැබැයි Ratings, Followers ල ඒ වගේම අපි සාමාන්‍යයෙන් සලකන Anime Ranks වල Anime Recommendations වල නිතරම කියවෙන Shows ටිකක්. හැබැයි එක දෙයක් ඔයා ඇනිමේ බලන්න පටන් අරන් මේ Shows මගඇරගෙන තියෙනවානම් අනිවාර්යයෙන්ම මේවත් Try කරන්න මොකද මේ ඔක්කොම වගේ සුපිරිම සීරිස් ටිකක්. හැබැයි කලින් කිව්වත් වගේ මීට වඩා හොඳ සීරිස් තියෙනවා අනිවාර්යයෙන්ම. ඒත් මේ ලිපියට අපි මේ 8 තෝරගත්තා.

බලන්නකෝ මේ ඇනිමේ නම් ගොඩක් අය බලල ඇති.මොකද සෑහෙන්න ජනප්‍රිය ඒවා ටිකක් මේ. Underrated ඒවා එහෙම නෙවෙයි. හැබැයි එකක් හරි මගහැරිලා නම් බලන්න පුලුවන් ඔයාට මේක කියවලා. ඒ වගේම Beginner Level එකේ ඇනිමේ බලන අයට මේ Recommendations ගොඩක් වටින්න පුලුවන්. ගොඩක්ම එයාල වෙනුවෙන් තමා අපිට ආපු ඉල්ලීම් එක්ක මේක දැම්මෙ. බලල තියෙන අය මේව ගැන ඔයාලට හිතෙන දේ වගේම මේ වගේ තියෙන අනිත් ඇනිමේ ගැන එහෙමත් recommendation එකක් දීගෙන යමු. බලල නැති කෙනෙක්ට උදව්ව්ක් විදියට.

එහෙනම් යමු අපේ List එකට.

Attack on Titan

Shounen Anime අතරින් මෑත කාලයේ ආපු groundbreaking anime එක. Titans ලගෙන් ආරක්ෂා වෙන්න හදපු Wall එකකින් වටවෙච්ච ප්‍රදේශකට වෙලා ඉන්න Eren සහ එයාගෙ යාළුවො දෙන්නට ඒ wall එක කඩාගෙන titans ල ඇතුළට එනවත් එක්කම මුහුණ දෙන්න වෙන දේ තමා කතාව කියන්නෙ. Action සුපිරිම. ඒ වගේම Story එක Next Level. Final Season එකේ ඉතුරු කොටසත් එන්න යන්නේ. හිතන්නෙවත් නැති Twists වගයක් එහෙම තියෙනවා අනිවාර්යයෙන්ම බලන්න.

Naruto

Life Lessons වලට නම් මීට එහා ඇනිමේ එකක් නෑ. Action sequences වුණත් next level. අති සුපිරි ඇනිමෙ එකක්. Nine tail fox කියන tail beast ව seal කරන් ඉන්න නරුටො කියන කොලුගැටයා hockage වෙන තෙක් journey එක තමයි කතාව. මේකත් අනිවාර්යයෙන්ම බලන්න ඕනි ඇනිමේ එකක්. බලපු අයගෙ Favourite ම ඇනිමේ අතරින් එකක් තමා මේක.

One Piece

මම fictional ඉතිහාසයේ දැක්ක පරිපූර්ණතම සහ මාරම ප්‍රවේශමෙන් ගොඩනගපු story එකක් තියෙන කතාවක්. ඇනිමේ අතරින් නම් මේකෙ story development එක හා සමාන එකක් නැති තරම්. ලුෆී කියන කොල්ල pirate king වෙන්න යන journey එක ගැනයි කතාව. ඒත් එච්චර සරල නෑ. මාරම depth එකකට ඇදෙන සුපිරි කතාවක්. තාමත් විකාශය වෙනවා. දිගයි කියලා අතාරින්න එපා World & Character + Story Buildup අතින් මේක Anime අතර විතරක් නෙවෙයි ලෝකෙ වෙන ඕනෑම TV Show එකක් Surpass කරන මට්ටමේ තියෙනවා.

Hajime no Ippo

මේ වෙනකොට බිහිවෙලා තියෙන accurate ම martial art anime එක කියන්න පුලුවන්. Ippo කියන නිතර bully වෙන කොල්ලා පස්සෙ boxing වලට අවතීර්ණ වෙන එක ගැන තමයි කතාව. සුපිරිම සුපිරි. මේකෙ movements කොච්චර acvurate ද කියනවනම් modern martial artist yt channel එකේ පවා මේක ගැන කියනවා. Boxing Textbook එකක් ඇත්තටම කිව්වොත්.

Neon Genesis Evangelion

Pacific Rim වලට inspire වුන Anime එක. සුපිරිම සුපිරි mecha anime එකක්. Ending එක holy shit 💔 මුලදි නිකන් Mecha Anime එකක් වගේ තිබුණට මේකෙ තියෙන Philosophy එක Psychological පැත්ත Next Level..ඒ වගේම මේකෙ Violent Scenes තියෙනවා සෑහෙන්න. Depress වෙන්න බලාගෙන අනිවාර්යයෙන්ම බලන්න. හැබැයි මේක බලල එන Experience එක වෙනම ලෙවල් එකක එකක්. අනිවාර්යයෙන්ම බලන්න ඒ නිසා.

Cowboy bebop

Hollywood වලට ඇනිමේ කියන සංස්කෘතිය කඩාගෙන ගිය එක වැඩක් තමා මේක.space cowboy type anime එකක්. Ending එක 👌👌👌
Keanu Reeves, Robin Williams වගේ නලුවො පවා මේකෙ Die Hard Fans ල අතර ඉන්නවා. Spike කියන bounty hunter ගැන කතාවක් යන්නෙ. Animation Cinematography එහෙම Next Level. Episode 26යි. Movie එකකුත් තියෙනවා.

Code Geass

Britannia Empire එකට යටත් වුණ ජපානය නිදහස් කරගන්න geass කියන supernatural power එක හම්බවෙන තරුණයෙක් ඇතිකරන කැරැල්ලක් ගැනයි කතාව. පොරට ඕනි කෙනෙක් ඇස් දිහා බලල geass එක use කරල ඕනිම දෙයක් කරවන්න පුලුවන්. ඒත් එහෙමයි කියල වැඩේ ලේසිනම් නෑ. මේකෙත් ending එක 👌 ඒ වගේම MAL Ranking වල එහෙම Top Male Character එක කවුද බලන්නකෝ. මේක බැලුවම ඒ ඇයි කියලා තේරෙනවා. Death Note, AoT එහෙම Enjoy කරානම් අනිවාර්යයෙන්ම බලන්න.

Monster

Psychological Thriller Type anime එකක්. Surgeon කෙනෙක් operation එකකින් බේරගන්න එක්කෙනෙක් serial killer කෙනෙක් කියල හෙළි වෙන්වා. ඒකට පසුතැවෙන ඒ Surgeon ඒ killer ව හොයන් යනවා. Masterpiece level එකේ anime එකක්. වෙන ඇනිමේ වල වගේ කෑගහල ගහන Supermoves, Handsome protagonists ල එහෙම මේකෙ නෑ. පට්ටම තාත්වික ඇනිමේ එකක්. මේක අනිත් එක Crime Thriller එකක්. Supernatural Fantasy ගාව ගත්ත නැති Pure Story එකක්. මේක ගැන මම ලිපියක් ලිව්වත් එක්ක. ඒකත් කියවන්න අනිවාර්යයෙන්ම.

Thilosha Nipunajith

An Artist | Creator of Revival Webtoon Series Anime Man of Hype Family

Leave a Reply