You are currently viewing ඇනෙමේ ඉතිහාසයේ විශාලතම ඛේදවාචකය

ඇනෙමේ ඉතිහාසයේ විශාලතම ඛේදවාචකය

දිනය 2019 – 07 – 17 විය.
බදාදා දිනයක්වූ එදින Kyoto නගරවැසියන්ට තවත් එක් කාර්‍යබහුල දිනයක්විය. තමරාජකාරී ස්ථානවෙත නියමිත වෙලාවට ලගාවීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණවූවා වියහැක. කලබලය නිසාම ඔවුන් තමන් පසුකරමින් ගමන්කරන පුද්ගලයන් ගැන තැකීමක් නොකරයි.
මේඅතර තරමක තරබාරු පෙනුමක් ඇති පිරිමි පුද්ගලයෙකුවිය.
උපැස්යුවලක් පැලදසිටි ඔහු රතුපැහැ කමිසයකින් හා ලා නිල්පැහැති ඩෙනිම්කලිසමකින් සැරසීසිටියේය. බෑගයක් කරේ එල්ලාගෙන සිටි ඔහුගේ මුහුනෙන් දිස්වූයේ වෙහෙසක පෙනුමකි.

ඔහු නමින් Shinji Alba විය.
මේවනවිට වයස අවුරුදු 40 ක් වූ Shinji නගරයේ ඇවිදගිය දහසක් ජපන්වැසියන් අතර තවත් එක් පුද්ගලයෙකුවිය. ඔහුගේ ගමන්විලාසයේ කිසිදු වෙනසක් නොපෙනුණි.
කවුරුන් හෝ Shinji පසුපස ඉකුත් දින තුන ලුහුබැඳ ආවේනම් එම පුද්ගලයාට Shinji Alba පසුගිය දිනතුනපුරාවට විවිධ තානායම් වල රාත්‍රීය ගතකරමින් එකම ඇදුමකින් සැරසී ගමන්කරනු දැකගත හැකිවෙනුඇත.

දිනයේ දහවල් වෙලාවක වෙලදසැලකින් මද්‍යම ප්‍රමාණයේ ට්‍රොලියක් මිලදීගන්න Shinji එයත් රැගෙන නැවතගමන් ආරම්භකලේය. මෙවර ඔහු නැවතුනේ ඉන්ධන හලක් අසලය. ඉන්මිලදීගත් ගැසොලීන් ලීටර 40ය තම ට්‍රොලියේ අසුරවාගත් Shinji නැවත ගමන් ආරම්භකලේය.
එම දිනය අවසාන වනතෙක් ඔහු ගැසොලීන් පුරවාගත් තම ට්‍රොලිය තල්ලුකරමින් වෙහෙසකර ගමනක නිරතවිය. සුපුරුදු පරිදි ඔහු එදින රාත්‍රීයද තානායමක ගතකලේය.

ජූලී 18 බ්‍රහස්පතින්දා දිනය උදාවිය.
Shinji උදෑසනම ගමන් ආරම්භකලේය.
මේදිනය ඔහුට තම ගමනාන්තයවෙත ලගාවීමට හොදටම ප්‍රමාණවත්බව ඔහු දැනසිටියේය.
සැබැවින්ම මධ්‍යහනට පෙර ඔහු ගමනාන්තයට ලගාවිය.
ඔහු සිටගෙන සිටියේ මහල්තුනකින් යුතු Kyoto animation studio 1 ගොඩනැගිල්ල ඉදිරියේය.

වේලාව උදෑසන 10:31 විය.
මේවනවිටත් ගොඩනැගිල්ල තුල 70 වක සේවකපිරිසක් සේවයේ නිරතව සිටියේය.
මේ ගෙවෙන්නේ ඔවුන්ගේ ජීවිතවල අවසාන තත්පර කිහිපය බව ඔවුන් සිහිනයකින් වත් නොසිතන්නට ඇත.
තමාගෙනා ගැසොලීන් කෑන්වලින් එකක් අතට ගත් Shinji ගොඩනැගිල්ලේ ප්‍රධාන දොරටුවවෙත සෙමෙන් පියමනින්නටවිය.
ප්‍රධාන දොර තල්ලුකරමින් ඉදිරියට ගිය Shinji Aoba කෑනයේ තිබූ ගැසොලීන් පොලවපුරා විසුරුවාහැරියේය.

“ෂිනේ”…….!

තම අතතිබූ ලයිටරය දැල්වීමට පෙර ඔහුගේ මුවින් පිටවූ අවසාන වචනය එය විය.

තත්පර 10ක් ඇතුලත අසලතිබූ අනෙක් ගැසොලීන් පිරවූ කෑන්ද පුපුරාගියේය.
තත්පර 15ක් ඇතුලත ගොඩනැගිල්ලේ තිබූ ප්‍රධාන දොරටුව ගිනිජාලාවකින් වැසීගියේය.
සාමාන්‍යන් මෙවැනි අවස්තාවල ක්‍රියාත්මක වීමට බොහෝ ගොඩනැගිල්ලවල Fire sprinkle (මේක සිවිලිමේ හයිකරන අයිටම් එකක්,මේකෙ සෙන්සර් වලින් ගින්නක් අදුරගත්තොත් පහලට වතුර විදිනඑක කරන්නෙ..ෆිල්ම් , සීරීස් වල ඕනතරම් දැකල ඇති මේක) තිබුනත් Kyoto animation studio 1 ගොඩනැගිල්ල තුල Fire sprinkle පද්ධතියක් ඒවනවිට ස්තාපනය කර නොතිබිණි.
ගොඩනැගිල්ල අසල Fire hydrant යක්ද නොවීය.
අවාසනාව Kyoto animation පසුපසවිය.

පිපිරීමෙන් විනාඩියක් ගතවීමට පෙර පලමු මහල සම්පුර්ණයෙන් විනාශවිය.
කලුපැහැ ඝන දුමාරයන් දෙවන මහල හා තුන්වෙනි මහල ආක්‍රමණය කරමින් ඉහලට ඇදීගියේය.

ගොඩනැගිල්ල තුල සිටි පිරිසට සිදුවන්නෙ කුමක්ද යන්න පිලිබඳ කිසිදු අදහසක් නොතිබුණි. ඔවුන් ගින්නෙන් බේරීමට දෙවනමහලටත් ඉන් තුන්වෙනි මහලටත් දිවගිය බවනම් නිසැකය.
ඝනදුමාරය නිසා මේවන විටද ස්වසනයද ඉතා අපහසු මට්ටමක විය.

ගින්න කිසිදු අනුකම්පාවකින් තොරව දෙවන මහලද විනාශකර දමන්නටවිය.

ප්‍රධාන දොරටුව ගින්නෙන් අවහිර වීම නිසා දිවිබේරාගැනීමේ එකම මාර්ගය වූයේ තුන්වෙනිමහලෙන් වහලය වෙත ලගාවීමය.

මේවනවිටත් පලමු මහලේ සිටි දිවිබේරාගැනීමට නොහැකි වූ සේවකයන් තිදෙනෙකුගේ සිරුරු ගින්නෙන්දැවී අලුවීයාමයට ආසන්නය.

දෙවන මහලෙන් නිකුත්වූයේ ගින්න දරාගත නොහැකිව කෑගසන සේවකයන්ගේ විලාපයකි…
ගින්නගැන ආරංචිවූ වහාම ගිනිනිවන රථ kyoto animation වෙත හැකි උපරිම වේගයෙන් ඇදීඑන්නට විය.
ගිනිනිවන රථ අදාල ස්තානයට පැමිණෙන විටත් ගින්න පළමු මහල ආක්‍රමණය කර අවසන් ය.
ගිනිනිවන භටයන් තමාට හැකි උපරිම කාර්‍යක්ශමතාවයකින් ගින්න සමග සටනක නිරතවිය.
උපරිම ජීවිත ප්‍රමාණයක් බේරාගැනීම ඔවුන්ගේ එකම අරමුණවිය.
නමුත් ගින්න ඔවුන්ට වඩා වේගවත්විය.

තුන්වෙනිමහල වෙත ගින්න ඇදීගියේය

සේවකයන්ගේ අවසාන බලාපොරොත්තුව වූයේ තුන්වන මහලේ ඇති පඩිපෙල බාවිතාකර වහලයට නැග දිවිබේරාගැනීමය.
එය ඔවුන්ගේ අවසාන බලාපොරොත්තුව විය.
පඩිපෙල දිගේ ඉහලට ගිය පිරිස ඉතිරිවතිබූ සියලු ශක්තිය යොදා පිටවීමේ දොරටුව විවරකර ගැනීමේ උත්සහයක නිරතවිය.

නමුත් අවාසනාව තවමත් ඔවුන් හැරගොස් නැත.

වහලයට නැගගැනීමට තිබූ එකම දොරටුව ඇතුලතින් විවෘත නොවුණි.
උත්සහය අත්හැරිය නොහැක.
කෙනෙක් තම අඹුදරුවන් නැවත දැකගැනීම වෙනුවෙන් උරහිස අයාගෙන දොරටුව වෙත පනින්නට ඇත.
කෙනෙක් තම දෙමාපියන් නැවත දැකගැනීම වෙනුවෙන් මිටමෙලවූ අතින් දොරටුවට පහර දෙන්නට ඇත.
තවකෙක් තම ජීවිතය වෙනුවෙන් දෙවියන් අයදින්නට ඇත.
අනෙක් පස කිසිවෙකු නොමැති බව දැන දැනත් සේවිකාවන් දොරට ගසමින් උදවු ඉල්ලන්නට විය.

නමුත් ගින්නෙන් පිටවන උෂ්ණත්වය නිසා ප්‍රසාරණය වූ ලෝහමය දොරටුව සෙලවුනේවත් නැත.

සේවකයන් සියලුදෙනා ගොඩනැගිල්ල තුල සිරකාරයින් බවට පත්විය.
මරණ බිය ඔවුන්ව වෙලාගත්තේය…
ගිනිදැල් ඔවුන් පිලිස්සුවේව….
ඝන දුමාරය ඔවුන්ගේ පෙනහලු අවහිර කලේය…
සියලු බලාපොරොත්තු කෙමෙන් කෙමෙන් ඔවුන් හැරයමින් තිබුණි.

තම ජීවිත රදාපවතින එකම සාදකය කාලය පමනක් බව ඔවුන් දැනසිටියේය.
ගිනිනිවන භටයන් කොතරම් උත්සහ කලත් ගින්නපාලනය ඉතාඅසීරු මට්ටමක විය.

පැය 5 කට ආසන්නකාලක් ඇවිලුණු ගින්න සවස 3:19 වනවිට නිවාදැමීමට ගිනිනිවන භටයන් සමත්විය.

ඒශනයෙන් ඇරැඹුණු දිවිගලවාගැනීමේ මෙහෙයුම පසුදා උදෑසන 6:20 දක්වා සිදුවිය.

නමුත්…ඒවනවිටත් දැවීමට තිබූ සියල්ල දැවීඅවසන් ය.

පළමු මහලතුල සිරුරු තුනක්,
දෙවන මහලතුල සිරුරු දොලහක්,
තුන්වන මහලේ පිටවීමට තිබූ දොරටුව විවෘත නොවීමනිසා එම පඩිපෙල මත සිරුරු දහනමයක් සොයාගැනුණි.


සම්පුර්ණ මරණ ගනන 34 ක් විය.
දරුණු පිලිස්සුම් තුවාල ලැබූ ඉතිරි 36 දෙනා වහාම රෝහල්ගත කෙරුණි.
ඉන් බරපතළ තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල තුල මියගියහ.

මරණ ස‍‍ංඛ්‍යාව 36 දක්වා ඉහළ ගියහ.
තුවාල ලැබූ ගනන 34 ක් විය.

ඇනෙමේ හා ජපන්වැසියන්ගේ ජීවිත අතර විශාල බැදීමක්පවතී.
ඔවුන්ගේ ජීවන රටාව ඒ හා බැදී පවතී.
වෙහෙසකර දිනය අවසානයේ විඩාව නිවාගැනීමට ඔවුන් ඇනෙමේ වටා එකතු වේ.
ඔවුන් මේ පුවත කෙසේ දරාගන්න ද…?
…………………………………………………………

Shinji තවමත් ජීවතුන් අතරය,
පිපිරීම සමග ඔහු පසකට විසිවීගියේය.
සිහිඑලවාගත් ඔහු පසු නොබලා දුවන්නට විය.
පසුව ඔහුව හදුනාගත් පොලිස් නිලදාරීන් විසින් ඔහුව අත්අඩන්ගුවට ගෙන පිලිස්සුම් තුවාල හේතුවෙන් ඔහුව රෝහල්ගතකරන ලදීයි.
…………………………………………………………

Kyoto animation යනු ජපානයේ පැරණිතම ඇනෙමේ ස්ටුඩියෝ වලින් එකක්විය. 1981 වර්ශයේදී Hideaki Hatta සහ Yoko Hatta දෙපල විසින් ආරම්භකල මෙම ස්ටුඩියෝව මගින් ලොවපුරා ප්‍රචලිත A Silent Voice , K-On , Sound Euphonium, Violet Evergarden වැනි නිර්මාණ රැසක් එලිදැක්විය.
එවකට ඉතා සක්‍රීය මට්ටමේ ඇනෙමේ ස්ටුඩියෝවලින් එකක් ලෙස Kyoto Animation Studio නම්කලහැක.
ඔවුන් කොන්ත්‍රාත් ක්‍රමයට වඩා මාසික වැටුප්ලබාදීමේ ක්‍රමයක් අනුගමනය කිරීම අනෙක් studio සමග බලනවිට විශේෂ වේ.

2009 සිට Kyoto animation awards නම් තරගාවලියක් මෙම ස්ටුඩියෝව මගින් පවත් වන අතර ඉන් ජයග්‍රහණය කරන නිර්මාණ මෙම ස්ටුඩියෝව යටතේ එලිදක්වන අතර ඉන් තෝරාගත් ඒවා ඇනෙමේ ඇඩැප්ටඩ් ලෙස නිර්මාණය කරයි.
මෙය නිර්මාණශීලී ලේඛකයන්ට හොද අවස්තාවක් විය.
…………………………………………………………

Shinji යනු කුඩාකල සිටම විවිධ පීඩාවන්ට පත්වූ චරිතයක් විය.
ඔහු කුඩාකල මව දික්කසාද වන අතර ඔහු පියා සහ සහෝදරන් සමග කාලය ගතකලේය. 34 වියේදි කඩක් කොල්ලකෑමට ගොස් අසුවන Shinji වසර තුනහමාරකට සිරගතකරන ලදීයි.
2016 දී නිදහස්වන ඔහු හුදෙකලා ජීවිතයක් ගතකලහ.

Shinji 2017,2018 දී Kyoto animation awards වෙත නිර්මාණ ඉදිරිපත් කල අතර ඉන් එකක්වත් ජයග්‍රහණය නොකලේය.

2019යේ දිනක ඔහු සුපුරුදු පරිදි ඇනෙමේ කතාංගයක් නරබමින් සිටියේය. එක Kyoto animation විසින් නිර්මාණය කරනලද්දක් විය.
අවදානයෙන් කතා‍ංගය නරඹමින් සිටි ඔහු තේරුම් ගත්තේ මෙය තමා 2018 වර්ශයේ Kyoto animation awards වෙත ඉදිරිපත් කල නිර්මාණයේ කොටසක් බවය. Shinji සිතුවේ Kyoto animation ඔහුගේ නිර්මාණය සොරකම්කර අතිබවය.

මෙම සිදුවීමෙන් කාලයකට පසු (ආසන්න වශයෙන් මාස 9කට) අසල්වැසියන් සමග ගැටුමක් ඇතිකරගන්නනා shinji තාමාසිටි නිවසින් පලායයි.
ඔහුගේ ගමනාන්තය වූයේ Kyoto Animation Studio 1 ය.

ඉන්දනහලේ සිට kyoto animation studio වෙත 10KM ආසන්න දුරක් ඇත. ඔහු මේ සම්පුර්ණ දුර ගැසොලීන් පුරවාගත් කෑන් සහිත ට්‍රොලිය තල්ලුකරමින් පැමින ඇත.
ඔහුව අතඅඩන්ගුවට ගත් පසු පොලීසියට ඔහු සන්තකයේ තිබී බාවිතානොකල පිහි 6 ක් ද සොයාගත හැකිවිය. ගිනිතැබීම හා පිහි අතර සම්බාවිතාදයක් පොලීසියටද අනුමාන කල නොහැකිවිය.
Shinji ගේ ළමාකාලය හා හැසිරීම දෙස බලන විට ඕනෑම කෙනෙකුට පෙනීයන්නේ ඔහු කිසියම් මානසික ආබාධයකින් පෙලෙන්නුකු බවය.
…………………………………………………………

පිලිස්සුම් තුවාල ලබාසිටි shinji ව skin graft සැත්කමකට ලක්කෙරිණි.
එනම් සැත්කමෙන් පසු ඔහු සම්පුර්ණයෙන්ම කෘතීම සමකින් ආවරනය වූවෙකුවිය.

2020 /12 / 16 දින kyoto animation හි ඇතිවූ ගින්නට වරදකරු වු Shinji මරණදඩුවම නියමවිය.

Shinji විසින් ප්‍රකාශකල Kyoto animation විසින් ඔහුගේ නිර්මාණ සොරාගත් කතාව සත්‍යතාවයෙන් තොරබව හෙලිවිය.
ඔහුගේයැයි කියන කොටස,
බොහෝ නිර්මාණය වල දක්නට ඇති සාමාන්‍ය කොටසක් බව හෙලිවිය.
…………………………………………………………

ලොවපුරා සිටි ඇනෙමේ රසිකයන් විසින් kyoto animation නැවත ගොඩනැගීමට ආධාර කල අතර ඩොලර් මිලියන 30ක පමන ආධාර මුදලක් kyoto animation නාමය ඉදිරියේ එකතුවිය.

ගොඩනැගිල්ල නැවත ප්‍රතිසංස්කරණ ඇරඹුණු අතර එය තවම අවසන් කරනොමැත.
ඒ වෙනුවට වෙනත් ස්තානයක Studio 1 පිහිටවූ අතර සුවය ලැබූ සේවකයන් නැවත සේවයට වාර්තාකරන්නට විය.

සිදුවීමෙන් වසර තුනකට ආසන්නකාලක් ගතවීඇත.
අලුමතින් නැගිසිටි kyoto animation නැවත තම සුපුරුදු රිද්මයට පැමිණෙමින් සිටීයි.

මියගිය සියලු සේවකයන්හට සාමාදානයෙන් සැතපේවායැයි ප්‍රාර්ථනා කරන අතර ලංකාවෙද Shinji වැනි කුඩාකල සිටම විවිධ මානසික පීඩනවලට ලක්වූ පුද්ගලයන් සුලබය. ඔවුන්ට නිවරැදි මාර්ගය පෙන්වාදීම, අවශ්‍යතාව අනුව ප්‍රතිකාර වෙත යොමු කිරීම හා ඔවුන්ව ප්‍රතික්ෂේප නොකිරීම මෙවැනි ඛේදවාචක නැවත සිදුනොවීමට හේතුවෙනු ඇත.

Admin- Thumula Yasodhana.

Thumula Yasodana

Well, I was born yesterday.

Leave a Reply